පසුගිය සතියේ නෙලුම් මාවත පක්ෂ කාර්‍යාලයේ සිට Zoom තාක්ෂනය ඔස්සේ පැවති පොදුජන තරුණ පෙරමුණේ විධායක සභා රැස්වීමේදී එහි සභාපති

හිටපු රාජ්‍ය අමාත්‍යා ඩීවී චානක විසින් ජනාධිපතිවරණයේදී පක්ෂයේ සහය ලබා දිය යුතු වන්නේ කවරෙක් හට දැයි තරුණ සංවිධානයේ සාමාජිකයින්ගෙන් ඡන්ද විමසීමක් සිදු කොට ඇතැයි වාර්තාවේ.

එහිදී ජනාධිපති අපේක්ෂක ලෙස නාමයෝජනා බාරදිය හැකි දේශපාලනඥයින් 7 දෙනෙකුගේ නාමලේඛනයක් (රනිල්, ඩලස්, සජිත්, ධම්මික පෙරේරා, ෆොන්සේකා, මෛත්‍රීපාල , සුමන්තිරන් ) ඉදිරිපත් කර ඇති චානක මන්ත්‍රීවරයා, ඒ අතුරින් තම තමුන් වඩාත් කැමති පුද්ගලයින්ගේ නම් යෝජනා කරන ලෙස දැනුම් දී ඇත.

එහිදී සාමාජිකයින්ගෙන් බහුතරයක් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාට සහය පලකල යුතු බව පක්ෂයට දන්වන ලෙස දැනුම් දී ඇත.

විධායක සභාවේ සිටින සාමාජිකයින් 75 දෙනා ගෙන් ඩලස් අලහප්පෙරුමට ඡන්ද 54 ක් ලැබී ඇති බවත්, තවත් පිරිසක් කිසිවෙකුට ඡන්දය භාවිතා නොකොට පක්ෂය ස්වාධීනව සිටින ලෙස දන්වා ඇති බවත් නෙලුම් මාවත ආරංචිමාර්ග පවසයි.


පොහොට්ටු සභාපති - ලේකම්ගෙන් කරුණු විමසයි


මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්.පීරිස්, එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් වෙත ලිපියක් යොමු කරමින්, දැනට පුරප්පාඩු වී ඇති ජනාධිපති තනතුරට සුදුස්සකු තෝරා ගැනීමේ ඡන්දයේ දී සහාය රනිල් වික්‍රමසිංහට ලබා දෙන බවට ප්‍රකාශ කළේ කුමන පදනමක් මත දැයි විමසා ඇත.

නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කළ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ලේකම් සගාර කාරියවසම් පෙරේදා (15) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එම නිවේදනයට පිළිතුරක් ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා මෙම ලිපිය යොමු කර ඇත. එම ලිපියේ මෙසේ සඳහන් වේ.


image 0bbd6747bf


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්