මන්ත්‍රීවරුන්ගේ නිවාස වැටලීමේ සුදානමක් සම්බන්ධයෙන් වාර්තා වීමත් සමග ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇතැයි රජයේ ආරංචිමාර්ග පවසයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (16) රාත්‍රී සිදු කල අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ආරක්ෂා අංශවල විශේෂ අවධානයක් යොමුව ඇතැයි ද පැවසේ.
''රනිල්ට ඡන්දෙ දීලා ජනාධිපති පුටුවට පත් කරන්න කවුරුම හරි මන්ත්‍රී කෙනෙක් හිතාගෙන ඉන්නවනම් ඒවට ජනතාව උත්තර දෙන්න ලෑස්තියි. ගෙවල් වලට ඇවිල්ලා, තමන්ගේ නගරවලට ඇවිල්ලා ජනතාව උත්තර දෙන්න ලෑස්තියි.. ඒ නිසා අපි කියනවා කරුණාකර ඔය පුටුවෙන් බැහැල යන්න කියලා'' වසන්ත මුදලිගේ ඒ බව කියා සිටියේ, අරගලය වෙනුවෙන් දිවි පිදුවන් සැමරීම සඳහා ඊයේ (16) ගාලුමුවදොර අරගල භූමියේදී සිදුකෙරුනු සමරු වැඩසටහනක දිය.
අරගලයේදී පහරකෑමට ලක් වූ, සිරගත වූ සියලුම දෙනා වෙත ප්‍රණාමය පුද කිරීමද මෙහිදී සිදුවිය.
රනිල්ට ඡන්දේ දීලා ගමට එන්න එපා !
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමට ඡන්දය ලබාදී ''යලි ගමට එන්න හදන්න එපා'' ! - යයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මක ප්‍රචාරක මෙහෙයුමක් මේවනවිට දියත්ව ඇත.





''ගොඩක් පෝස්ට්වල තියෙන්නෙ, රනිල් ජනපති වෙන ඒක බාරගන්න බැරි වේදනාවක්'' - චින්තන ධර්මදාස
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි සමාජ මාධ්‍ය මෙහෙයුම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ අදහස් දක්වා ඇති ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන චින්තන ධර්මදාස මෙසේ පවසයි.

ඒක පැත්තකින් තියල අපි කල්පනා කරන්න ඕන යම් දේශපාලන පක්ෂයක්/පැත්තක් අපි තෝරගන්නෙ ඇයි කියන එක.
මගේ ප්‍රධානම නිර්ණායකය වෙන්නෙ ඒ පක්ෂෙ ප්‍රතිපත්ති ප්‍රකාශන අනංමනං නෙමෙයි. ඒ පක්ෂය විසින් දරන සංස්කෘතිය.
අපි පොහොට්ටුවට විරුද්ද වෙන්නෙ පොහොට්ටු පාක්ෂිකයා විසින් දරන ලද සංස්කෘතිය නිසා. ඒකට තමයි රාජපක්ෂවාදය කියන්නෙ. baiya නිර්මාණය වෙන්නෙ ඒ සංස්කෘතික කාරණා එක්ක. මේ baiya ගෙ තිබුනු ප්‍රධාන ලක්ෂණයක් තමයි ප්‍රචන්ඩත්වය. අනෙකාට ගරු නොකිරීම. පහර දීම. අපහාස කිරීම. තමන් නොපිලිගන්නා මතවාද අදහස් තග යොදා මැඩලීම. චන්ඩි සංස්කෘතිය. රංචුවාදය.
ගෝටාබය විසින් අපි බලාපොරොත්තු වුනු පරිදිම මේ baiya සෑහෙන ප්‍රතිසංස්කරණයකට ලක් කළා. කොටින්ම ඒ අය ගෝටා එලවන්න පාරට බැස්සා. මේ වෙද්දි තමන්ගේ අපේක්ෂකයා විදිහට රනිල් බාරගන්න තරම් නම්‍යශීලී වෙලා තියෙනවා. අපිට බුකියෙ වෙනදා දැකපු චන්ඩි පාර්ට් මේ අයගෙන් දැන් දකින්න බෑ.
හැබැයි අපිට පේනවා මේ baiya සංස්කෘතිය දැන් ජවිපෙ/පෙරටුගාමී පැතිවලින් මතුවෙනවා.
තමන්ගෙ අදහස නොපිලිගන්නේ නම් ගෙවල් ගිනිතැබීම්, පහරදීම් අනුමත කරන පිරිසක් ඒ තැන්වල නිර්මාණය වෙලා ඉන්නවා. ව්‍යවස්තාව වෙනුවට ඔවුන්ගේ සෙල්ලම් සම්මුති පිලිගන්න බලකරන ත්‍රස්තවාදයක් නිර්මාණය වෙලා තියෙනවා. මේක පාක්ෂිකයන්ගෙ ඉඳන් පක්ෂයේ ප්‍රධාන අය දක්වාම ගමන් කරලා තියෙනවා. ඉස්සර baiyaට විරුද්ද වුනු කෙනෙක් නම් මේ අලුත් baiyataත් ඒ විදිහටම විරුද්ද වෙන්න සිද්ද වෙනවා. ජවිපෙ/පෙරටු කියන්නෙ අලුත් පොහොට්ටුව.
රනිල් ගැන කතා කරන ගොඩක් තැන්වල අපි දකින දෙයක් තමයි බටලන්ද ගැන චෝදනාව. හාස්‍යජනක කාරණය වෙන්නෙ මේක මතු කරන්නෙත් වැඩිපුරම ජවිපෙ/පෙරටු පාක්ෂිකයන් වීම. බටලන්ද කියන්නෙ 88/89 ජවිපෙ ලේ වැකුණු කුප්‍රකට ප්‍රචන්ඩ ඉතිහාසයේ දිගුවක්. ඒ කාලෙ ජවිපෙට විරුද්ධ හැමෝටම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආයුධ ගන්න සිද්ද වුනා. ඒක ප්‍රතිචාරයක් මිස ක්‍රියාව නෙමෙයි.
ජවිපෙ තාමත් මේ කුරිරු ත්‍රස්තවාදය ක්‍රියාවට නැංවූ විජේවීර කියන ප්‍රචන්ඩවාදියා වීරයෙක් හැටියෙන් සමරනවා. ජවිපෙට විජේවීරව තියාගන්න බෑ 88/89 නැතුව.
ජවිපෙට විරුද්ධව ආයුද ගත්ත හැමෝම හෘදයසාක්ෂියෙන්ම විශ්වාස කරනවා තමන් ඒ ගත්ත තීරණය නිවැරදියි කියල. නැත්නම් තමනුත් තමන්ගේ පවුලේ අයගේත් ජීවිත අවදානමේ තිබුනෙ. කොටින්ම 88/89 භීෂණයේ ප්‍රධානතම චූදිතයා රංජන් විජේරත්න පවා තමන්ගේ අවසාන කාලෙදිත් තමන්ගේ ඉතාම සමීප ආදරණීයයන්ට කිව්වෙ, I sinned, for you to live කියල.
ජවිපෙ තාමත් මේ කුරිරු ත්‍රස්තවාදය ක්‍රියාවට නැංවූ විජේවීර කියන ප්‍රචන්ඩවාදියා වීරයෙක් හැටියෙන් සමරනවා. ජවිපෙට විජේවීරව තියාගන්න බෑ 88/89 නැතුව.
ජවිපෙට විරුද්ධව ආයුද ගත්ත හැමෝම හෘදයසාක්ෂියෙන්ම විශ්වාස කරනවා තමන් ඒ ගත්ත තීරණය නිවැරදියි කියල. නැත්නම් තමනුත් තමන්ගේ පවුලේ අයගේත් ජීවිත අවදානමේ තිබුනෙ. කොටින්ම 88/89 භීෂණයේ ප්‍රධානතම චූදිතයා රංජන් විජේරත්න පවා තමන්ගේ අවසාන කාලෙදිත් තමන්ගේ ඉතාම සමීප ආදරණීයයන්ට කිව්වෙ, I sinned, for you to live කියල.
මට හිතෙන්නෙ අපිට තෝරාගැනීමක් තියෙනවා නම් ඒ ප්‍රචන්ඩත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතරයි කියල. ජවිපෙ/පෙරටු අවාසනාවන්ත විදිහට නැවත 88/89 සංස්කෘතිය කැඳවමින් ඉන්නවා. ගිනි තැබීම්වලට පහරදීම්වලට හුරේ දානවා. ෆැසිස්ට් කියන්නෙ මේ ප්‍රකාශමාන වෙන සංස්කෘතික නැමියාවට. පුරවැසියො විදිහට අපි ඉස්සරහ තියෙන ප්‍රශ්නෙ රනිල්ද ඩලස්ද අනුරද සජිත්ද කියන එක නෙමෙයි. අපි තෝරාගන්නා සංස්කෘතිය කුමක්ද කියන එකයි.