පුරප්පාඩු වී ඇති ජනාධිපති ධූරයට සුදුස්සෙකු තෝරා පත් කර ගැනීම සඳහා

ලබන 20 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතඡන්ද විමසීමේදී සිය ඡන්දය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැතැයි ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ පවසයි.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී වී චානක පැවසුවේ ඒ පිළිබඳ අවසන් තීරණය ලබන 19 වනදා ගන්නා බවත් එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැනුම්දීමට බලාපොරොත්තු වන බවත් ය.

 



''පොහොට්ටුවේ තීරණයේ වෙනසක් නැහැ''

මේ අතර ජනාධිපති තෝරාපත්කර ගැනීමේදී විවිධ දේශපාලන පක්ෂ තම පක්ෂ විසින් ගනුලබන තීන්දු තීරණ මේවනවිට ප්‍රකාශයට පත්කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසන්නේ, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා දීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවයි.

පක්ෂයේ තීරණය සම්බන්ධයෙන් පළාත් මට්ටමෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අනුව පක්ෂයේ තීරණය පිළිබඳව උතුරු නැගෙනහිර පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෙට දැනුම්වත් කෙරේ.


වාසුගේ සහාය ඩලස්ට

ජනාධිපති ධූරයට අදාළ ඡන්ද විමසීමේදී තමන් ඩලස් අලහප්පෙරුමට සහය ලබාදීමට තීරණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පැවසීය.

සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සර්වපාක්ෂික එකඟතාවයකින් යුතු වැඩපිළිවෙලක් සකස් කරගැනීමටත්, ජනතාවට කඩිනම් සහනදීම සඳහා මෙන්ම ජනතා ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් බලගතු පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේ ඩලස් අලහප්පෙරුම බව ඔහු සඳහන් කළේය.


සමගි ජන බලවේගයේ ඕනෑම තීරණයකට සහය දෙනවා - රවුෆ් හකීම්

ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ගන්නා ඕනෑම තීන්දුවක් සමග එකඟ වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් පවසයි.

;නිව්ස්ෆස්ට්; කළ විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, එසේ ඉදිරිපත් වන අපේක්ෂකයා තනතුරු මත පදනම් නොවී ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා නම්‍යශීලි විය යුතු බවයි.

රට පත්ව තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ජනතාව මුහුණදෙන ගැටලුවලට විසඳුම් සෙවිය යුත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් බව ද රාවුෆ් හකීම් පෙන්වා දෙයි.

ඔහු පැවසුවේ, ඒ සඳහා වන සියලු ප්‍රයත්නයන් සඳහා මේ දිනවල දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට කල්ලි කණ්ඩායම්වලට බෙදී ඇති බවත් එක් පාර්ශවයක් වෙනුවෙන් පක්ෂයේ එකඟතාවක් නොමැති බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් වැඩිදුරටත් කියා සිටියේ ය.

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්