ප්‍රචණ්ඩකාරීන්ගේ ප්‍රහාරවලින් නිවාස ඇතුලු දේපළ අහිමි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම

මන්ත්‍රීවරුන්ගේ ඒ නිවාස සාදාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

වැඩබලන ජනාධිපතිවරයා එම මන්ත්‍රීවරුන් සමග දුරකතනය ඔස්සේ වරින් වර පෞද්ගලිකවම අදහස් හුවමාරු කරගනිමින් ඒ බව දැනුම්දී ඇතැයි වාර්තා වේ.



එම දේපළ විනාශ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් තමාගේ පාලනය යටතේ රටේ ප්‍රචණ්ඩ ක්‍රියා වලට කිසිසේත්ම ඉඩ නැති බවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ මන්ත්‍රීවරුන්ට වැඩිදුරටත් දැනුම්දී ඇත.



විනාශයට පත්වූ මැති ඇමැතිවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනටමත් නියෝග කර ඇත.

දිවයින පුරා පසුගිය මැයි මස 9 වෙනිදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් පළාත් පාලන ආයතන නියෝජිතයන් ඇතුළු අසූවකට ආසන්න පිරිසකගේ නිවාස ඇතුලු දේපළ විනාශයට පත්විය.

එම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයයෝ රැසක් දැනටමත් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 



සබැඳි පුවත්

මැති ඇමතිවරු 54කගේ නිවාස ගිනිබත් !

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 
 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්