ලොවටම ආදර්ශයක් වූ  අවිහිංසාවාදී අරගලයේ ජයග්‍රහණය අර්ථවත් කිරීමට

අන්තර්වාර භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩප්‍රස්ථා ලබාදීම රජයේ හා විපක්ෂයේ වගකීම බව 'වෙනසක් සඳහා වූ රාජ්‍ය හා ව්‍යවස්ථාපිත මණ්ඩල විශ්‍රාමික ජේෂ්ඨ නිලධාරීන්ගේ සංසඳය' පවසයි.

හිටපු අමාත්‍යාශ ලේකම්වරයකු හා ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන එම සංගමයේ සභාපති ලාල් කුමාර ගමගේ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම කරණය අවධාරණය කර තිබේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.



''පවත්නා රජයකට  එරෙහිව ශ්‍රී ලංකාවේ තරුණයන් ඇතුළු මහජනතාව දියත් කළ නිර්ක්ෂික ප්‍රජාතන්ත්‍රවාදී අවිහිංසාවාදී, සාමකාමී හා ව්‍යවස්ථානුකූල අරගලය සමස්ත ලෝකයටම උතුම් ආදර්ශයකි.



ලෝක ඉතිහාසය අනුව විරෝධතා හා අරගල කළ පිරිස්  ජයග්‍රහණයෙන් පසුව පවත්නා රජය පෙරළා අරගලයේ නායකයින් රාජ්‍ය නායකයන් වීම පොදු ප්‍රවනතාවයකි. එහි ආසන්නතම උදාහරණය ඇෆ්ගනිස්ථානයේ රජය පෙරළා දමමින් තලේබාන් සටන්කාමීන්ගේ නායක ඒ රටේ නායකත්වයට පත් වීමයි.

එහෙත් ශ්‍රී ලංකාවේ අරගලය ජයග්‍රහණය කළ තරුණ පිරිස රට වැටී ඇති අගාධයෙන් රට ගොඩ ගෙන රාජ්‍ය පාලනය, ආර්ථිකය හා මූල්‍ය අර්බුදයන් විසදා ආර්ථික දුෂකරතාවයෙන් රටත් ජනතාවත් බේරාගැනීමට සර්ව පාක්ෂික භාරකාර ආණ්ඩුවක් ව්‍යවස්ථාව තුළින්ම සාමූහිකව පාර්ලිමේන්තුවහරහා පත් කර ගැනීමට තිබුනු අවස්ථාවක් බොඳ වී යන අයුරු දක්නට ඇත.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආධ්‍යාත්මික නායකයන් විද්වතුන් වෘත්තිකයන් ඇතුළු සියලු දෙනාගේ ද ඉල්ලීම වනුයේ මේ රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට නම් ජනතාවත් ජාත්‍යන්තරයත් පිළිගත හැකි විශ්වසනීය ස්ථාවර පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම උදෙසා කෙටි කලකට අන්තර්වාර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා අරගල කරුවන් ගේ අපේක්ෂාව වන “වංචාව දූෂණය හා ප්‍රචණ්ඩත්වයෙන්  තොර ” දේශයක්  ගොඩනැගීමේ උදාර පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු පාර්ශව එකට එක්ව කටයුතු කිරීම කාලෝචිත වන බවය.

දූෂණ අක්‍රමිකතා වලට තිත තැබීමේ අරමුණින් අරගලයේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය පාලකයා රටින් පිටුවහල් වී ඉල්ලා අස්වීමෙන් පසු ව රට යළි යථා තත්ත්වයට පත් කිරීමේ වගකීම පැවරෙන්නේ පාර්ලිමේන්තුවේදී මේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්  225 දෙනාට වීම හා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව හරහා තේරීමේදී පවා රහස් ඡන්ද භාවිත කිරීමට ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිපාදන සලසා දෛවෝප ගත අවස්ථාවකි.



තවද, පක්ෂ දේශපාලන හා පක්ෂ ස්ථාවරය වලින් බැහැරව අරගලකරුවන් ඇතුළු ජනතාවගේ ඉල්ලීම පරිදි සම්මුතියෙන් හා සාකච්ඡාවෙන්  අන්තර්වාර භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් සම්පාදනය කළ යුතු බැව් අපගේ විශ්වාසයයි.


 

එහෙත් මේ අර්බුදකාරී බැරෑරුම් අවස්ථාවේදී පවා දේශපාලන සූදු කෙළමින් දූෂිත වංචාකාරී පාලනයක් යළිත් පිහිටුවීම අරබයා මන්ත්‍රීවරුන් මුදලට බිලිබා ගැනීම අරඹා තිබේ යැයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ම ප්‍රකාශ කිරීම හරහා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය පිළිබඳ පැහැදිලි වේ.

මෙවන් අවස්ථාවාදී දේශපාලනඥයින් දේශපාලන පිටියෙන් ඉවත් කිරීමට ජනතාව ඉදිරි මැතිවරණයකදී කටයුතු කරනු ඇතැයි අප තරයේ විශ්වාස කරන්නෙමු.

එහෙයින් ලැබී ඇති මේ අවස්ථාවේදී ජනතා ඉල්ලීම අනුව තම පක්ෂවල පෞද්ගලික අවශ්‍යතා හා පටු න්‍යාය පත්‍රවලින් බැහැරව ජනතාවගේ ඉල්ලීම පරිදි අන්තර්වාර භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු කරන මෙන් සියලු දේශපාලන පක්ෂ වලට අවධාරණය කරන්නෙමු.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්