වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉවත්වන ලෙස බලකරමින් ඉදිරි දින දෙක තුළ බරපතල ක්‍රියාමාර්ග ගැනීම බලාපොරොත්තු වන බවත් හෙට (19 ) විරෝධතා දිනයක් බවට පත්කරන බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය
බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (17) පස්වරුවේ පැවසීය.
අද සිට ආසන්න නගරවලට පැමිණ විරෝධතා පවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී වසන්ත මුදලිගේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඉවත් කළ හැකි වූයේ සමස්ත රටම විරෝධතා භූමියක් බවට පත්කිරීමට හැකිවීමෙන් බව ද සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධූරයෙන් ඉවත්කිරීමට වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව දැවැන්ත ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දුන් බවත් අරගලය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට හැකි බවත් වසන්ත මුදලිගේ වැඩි දුරටත් කීය.
වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකමුතුවේ නියෝජිතයන් සමඟ ඊයේ (17) පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ එසේ පැවසීය.
''නගරවලට ඇවිල්ලා ජනතාව උත්තර දෙන්න ලෑස්තියි''
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙරේදා (16) රාත්‍රී ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය.
''රනිල්ට ඡන්දෙ දීලා ජනාධිපති පුටුවට පත් කරන්න කවුරුම හරි මන්ත්‍රී කෙනෙක් හිතාගෙන ඉන්නවනම් ඒවට ජනතාව උත්තර දෙන්න ලෑස්තියි. ගෙවල් වලට ඇවිල්ලා, තමන්ගේ නගරවලට ඇවිල්ලා ජනතාව උත්තර දෙන්න ලෑස්තියි.. ඒ නිසා අපි කියනවා කරුණාකර ඔය පුටුවෙන් බැහැල යන්න කියලා'' වසන්ත මුදලිගේ ඒ බව කියා සිටියේ, අරගලය වෙනුවෙන් දිවි පිදුවන් සැමරීම සඳහා පෙරේදා (16) ගාලුමුවදොර අරගල භූමියේදී සිදුකෙරුනු සමරු වැඩසටහනක දිය.
අරගලයේදී පහරකෑමට ලක් වූ, සිරගත වූ සියලුම දෙනා වෙත ප්‍රණාමය පුද කිරීමද මෙහිදී සිදුවිය.
මේ අතර ''යවන්න කලින් පලයන් රනිල්'' යන තේමාවෙන් යුතුව සමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මක ප්‍රචාර මෙහෙයුමක් ද මේවනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
https://theleader.lk/news/12539-19-18#sigProId2b61976df2
හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්
මේ අතර දිවයින පුරා හදිසි නීතිය අද (ජූලි 18) සිට බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මහජන ආරක්ෂක පනතේ දෙවන වගන්තියෙන් පැවරී ඇති බලතලවලට අනුව මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසිනි.
රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා සහ සැපයීම් පවත්වාගෙන යාමට හදිසි නීතිය පැනවූ බව එහි සඳහන් වේ.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.