තමන් ජනාධිපති තනතුරට ඉදිරිපත් වෙන්නේ ඇයි ද ? කියන කාරණයත්, රට යලි ගොඩනගන දැක්ම හා වැඩපිළිවෙල කුමක්ද කියන කාරණයත් වහාම රට

හමුවේ ප්‍රකාශ කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග, සියලුම ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි.

යුතුකම සංවිධානය වෙනුවෙන් පක්ෂ 11 එකමුතුව නියෝජනය කරන ගෙවිදු කුමාරතුංග මන්ත්‍රීවරයා එම ඉල්ලීම කර ඇත්තේ, අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා ජුලි 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්දය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීය.

'' අපි ඡන්දය දෙන්න නම් කුමන අපේක්ෂකයෙකු හෝ වේවා ඔවුන්ගේ ප්‍රතිපත්ති රට ඉදිරියේ ඔවුන් ප්‍රකාශයට පත්කළ යුතුයි.'' මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර සිටියි.


මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ ඔහු මෙසේ පවසයි.

 
''යම් අපේක්ෂකයන් අපේ හිතවත්තු. ඒ හිතවත්කම් මෙතැනදී වැඩක් නැහැ.'' 


''මම කියන්නේ ඔයිට වඩා ජනමාධ්‍ය වලටත් යුතුකමක් තියෙනවා. දැන් විවිධ නම් කියවෙනවනේ. ගෝඨාභය ජනාධිපතිතුමාගේ ඉදිරි කාලය සඳහා ජනාධිපති හැටියට ඉදිරිපත් වෙන්න යන අයගේ නම් පිළිබඳව. අගමැති තුමා ඉදිරිපත් වෙයි කියලා අදහසක් තියෙනවා. ඊළඟට විපක්ෂ නායකතුමා ඉදිරිපත් වෙයි කියලා අදහසක් තියෙනවා. ඊළඟට ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිතුමා ඉදිරිපත් වෙයි කියලා අදහසක් තියෙනවා.
 
 
''මගේ අදහස නම් මේ ඉදිරිපත් ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන අයගේ පරම යුතුකමක් තියෙනවා රටට කියන්න තමන් ජනාධිපති තනතුරට ඉදිරිපත් වෙන්නේ ඇයි කියන කාරණය. ඒ මොකද දැන් මේ රට විශාල අභියෝගවලට මුහුණ දෙන කාලයක ඒ අභියෝග ජය ජය ගන්නේ කොහොමද?  මොකද ඔහු ඉදිරි කාලයේදී රටේ රාජ්‍ය නායකයා. එතකොට නායකයෙක් හැටියට ඉදිරි කාලයේදී රටට ලබාදෙන්න, බලාපොරොත්තු වෙන නායකත්වය කුමක්ද කියන එක දැනගන්න ජනතාවට අයිතියක් තියනවා. ''
 
 
ජනතාව ඡන්දය දෙන්නේ නැහැ තමයි. නමුත් මේ 225 ම ඡන්දය දෙන්නේ ජනතාව වෙනුවෙන්. දෙකෝටි විසි ලක්ෂයක් වන ජනතාව වෙනුවෙන් තමයි අපිට පාර්ලිමේන්තුවේ මේ ඡන්දය දෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා එතුමන්ලා තවත් ප්‍රමාද නොවී රට ඉස්සරහට ඇවිල්ලා කියන්න ඕනේ තමන්ගේ වැඩපිළිවෙල. 
 
මේ ඡන්දෙට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන ඕනම අපේක්ෂකයෙක් එය කීමට පරම යුතුකමක් තියෙනවා. ඉදිරි කාලය තුළදී මෙම රට අද පවතින අභියෝගවලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව සහ පුළුල් ප්‍රතිපත්ති රාමුව කුමක්ද කියන එක පැවසීමට ඔවුන්ට යුතුකමක් තියෙනවා.

අපේක්ෂකයින්ගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබ රටේ අනාගතේ වෙනුවෙන් ඔබේ දැක්ම කරුණාකරලා මේ රටේ ජනතාව ඉදිරියේ කියන්න කියලා.


මාධ්‍යවේදියා :
ඔබ පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක්, දැන් පොහොට්ටුව හැටියට යෝජනා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?


ගෙවිඳු :
ඇත්තටම මම අපේ යුතුකම සංවිධානය හැටියට 2015 ඉඳන් මැදිහත් වුණේ දේශපාලන අරමුණකින් නෙවෙයි. අපි දැක්කේ 2015 අද සිදුවන්නා වගේම විජාතික කුමන්ත්‍රණයක් පැවතුනා කියලා. ඊළඟට දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා රට සම්පූර්ණයෙන්ම අස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ගයක් ඒ වෙනකොට දියත් කෙරුණා විවිධ විදේශීය බලපෑම් මත.

ඒ ක්‍රියාදාමයට විරුද්ධව තමයි අපි එදා මැදිහත් වුණේ. නැතුව මන්ත්‍රී කෙනෙක් වෙන්ටවත් දේශපාලන අරමුණක් වත් ඇතිව නොවේ.

විසිවැනි සංශෝධනය අවස්ථාවේ පටන්ම මම විශාල උත්සාහයක් ගත්තා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනවරමේ දැක්මට පරිබාහිරව කටයුතු කරන ක්‍රියාවලිය වලක්වගන්න. නමුත් අවාසනාවන්ත ලෙස මගේ කීමට එතුමා සවන් දුන්නේ නැහැ. පොදුජන පෙරමුණේ නායකයෝ සවන් දුන්නේ නැහැ. ඉතින් එතැන් පටන් මම මගේ මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කර ගනිමින් ස්වාධීනව තමයි අපේ අදහස් දක්වලා තියෙන්නෙ.  

කවුරුත් දන්නවා පක්ෂ දහයක් එකතුවෙලා විපක්ෂයට යනකොට යුතුකම සංවිධානය පොදුජන පෙරමුණේ ක්‍රියාවලියන්ට පරිබාහිරවයි කටයුතු කළේ.
 
 
ඒ එක්කම මම ප්‍රකාශ කරන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වැඩබලන ජනාධිපති ධුරයේ දිවුරුම් දීලා ප්‍රකාශයක් කළා 19වැනි සංශෝධනය ක්‍රියාත්මක කරනවා කියලා. එතුමට යුතු කමක් නෑ එහෙම ප්‍රකාශ කරන්න. අනාගත ජනාධිපති වෙලා කරනවා නම් ජනතාව ඉදිරියේ ඒකෙ ගැටළුවක් නැහැ.
 
 
එතුමා මේ වැඩ බලන්න දවස් හයකට ජනාධිපතිධූරයට පත් වුණේ, ඒ දවස් හය තුළ එසේ කිරීමේ හැකියාවකුත් නැහැ. එවැනි ප්‍රකාශ කිරීමත් මම හිතන්නේ සුදුසු නැහැ කියලා. අපි සියලූ පාර්ශව එකතු වෙලා පාර්ලිමේන්තුවෙන් රනිල් අගමැති තුමාගේ ප්‍රධානත්වයෙන්, විජයදාස රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හැම දෙනාගේම අදහස් අරගෙන, ඒ කියන්නේ 19 තිබුන හොඳ කරුණු සහ විසි වැනි සංශෝධනයේ තිබෙන හොඳ කරුණු ඇරගෙන විසි දෙවැනි සංශෝධනය කෙටුම්පත මේ වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා.

මම නම් හිතන්නේ මේ ජනවරම ලබන කුමන හෝ තේරී පත්වෙන නව ජනාධිපතිතුමාගේ යුතුකම තමයි එය ඉදිරියට ගෙන යෑම. මොකද විසිදෙවන සංශෝධනයෙන් ගේන්නේ අපි සියලු දෙනාටම එකඟ විය හැකි කරුණු සමගයි.  වසරක් වගේ ඇතුළත මහ මැතිවරණයක් පැවැත්වේවි. මහ මැතිවරණයෙන් ජය අරගෙන ජනතාවට තමන්ගේ අනාගත යෝජනාව ලබා දෙන්න පුළුවන්. ජනතාව අනුමත කෙරුවොත් ඒ ඒ පක්ෂ වලට පුළුවන් ඒ ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න.
 
 
මේ ගෝඨාභයගේ 69 ලක්ෂයේ ජනවරමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇත්ත වශයෙන්ම මම හිතන විදිහට නම් මේ ජනාධිපති අපේක්ෂකයෝ ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මොකද ගෝඨාභය ජනාධිපති තුමාට ජනතා විරෝධය ආවෙ හැට නම ලක්ෂයේ ජනතාවගේ සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති නිසිපරිදි ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්. නැතිව ඒ ප්‍රතිපත්ති වලට විරුද්ධව නොවෙයි.
 
 
ජනවරම තිබෙන්නේ ඒ ප්‍රතිපත්ති වෙනුවෙන්  නිසා මේ අපේක්ෂකයන් කියන්න ඕනේ මේ හැටනම ලක්ෂයේ ප්‍රාර්ථනාවන් ඉදිරියට ගෙනියනවා ද එහි යම් කිසි වෙනස්කම් කිරීමට අවශ්‍ය නම් ඒ වෙනස්කම් මොනවාද මේ කාරණා ජනතා හමුවේ තැබීම ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වෙන සියලුම අපේක්ෂකයන්ගේ යුතුකමක් හැටියටයි අපි දකින්නේ.

 අපි ඡන්දය දෙන්න නම් කුමන අපේක්ෂකයෙකු හෝ වේවා ඔවුන්ගේ ප්‍රතිපත්ති රට ඉදිරියේ ඔවුන් ප්‍රකාශයට පත්කළ යුතුයි.



මාධ්‍යවේදියා :
කෙසේ වෙතත් ඔබ ඡන්දය දිය යුත්තේ ඔය තේරී පත්වන හතරදෙනාට. එහෙම නැත්නම් සජිත් මහත්තයාට රනිල් මහත්තයට ඔය ටිකට. ඔබතුමාට ඒ ඒ පිළිබඳ අදහසක් ඇති.


ගෙවිඳු :
 
 
'' අපි ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිතුමාටත් කිව්වා ඔබතුමාගේ සම්මුතියක් ඉදිරිපත් කරන්න කියලා. අපි ඒක ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වෙනවා. මොකද ගෝටාභය ජනාධිපති තුමාගේ බලාපොරොත්තු තිබ්බා අඩුම ගානෙ සෞභාග්‍යය දැක්ම කියන සම්මුතියක් තිබුණ නිසා අපි දන්නවා අපි කටයුතු කරේ අපි මැදිහත් වුණේ කුමක් වෙනුවෙන් ද කියලා.
 
 
ඒ නිසා මම නම් කියන්නේ බරපතළ කාරණයක් සුළුවෙන් හිතන්න එපා මේ ඉදිරිපත්වෙන අපේක්ෂකයන් ගෙනුත් අපි ඉල්ලනවා කරුණාකරලා රට විශාල අර්බුදයක තිබෙන මොහොතක් අපේ රටේ නිදහසින් පස්සෙ ඉතිහාසයේ ඉතාම අර්බුදකාරී මොහොතක පියමං කරන අවස්ථාවක් හැට නම ලක්ෂය ජනවරමක් ලැබූ ජනාධිපති කෙනෙකුට තනතුර අත්හරින්න වෙච්ච අවස්ථාවක් නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ රට සන්සුන් කරල මේ පීඩාවන්ගෙන් ජනතාව මුදවාගෙන ඒ වගේම විදේශ මැදිහත්වීම් අතපෙවීම් වලට ඉඩ නො තබා අපේ රටේ ස්වෛරීත්වය ස්වාධීනත්වය රැකගෙන රට අනාගතය කරා ගෙන යා හැකි නායකයෙක් තමයි  අපිට ඕනේ.

 එමනිසා මේ ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වන සියලුම අපේක්ෂකයන්ගෙන් බැගෑපත්ව ඉල්ලනවා කරුණාකර මේ අර්බුදයෙන් එහාට පියමං කරන්නේ කොහොමද? රටේ අර්බුදය පිළිබඳ ඔබගේ දැක්ම කුමක්ද? 69 ලක්ෂයේ ජනවරම වෙනුවෙන් තමයි මේ ඉදිරිපත් වෙන්නේ. ඒ හැටනම ලක්ෂයේ සෞභාග්‍ය දැක්ම ඔවුන් පිළිගන්නේ නැත්නම් ඔවුන් විසින් ඒක වැඩි දියුණු කළ යුතුයි කියා, පිළිගන්න කරුණු මොනවද රටට කියන්න.
 
 
යම් අපේක්ෂකයන් අපේ හිතවත්තු. ඒ හිතවත්කම් මෙතැනදී වැඩක් නැහැ. මේ මව්බිමේ නායකයායි අපි මේ තෝරන්නෙ. මවුබිමට අපිට ඒ ඡන්දය අපේ ආත්ම ගරුත්වයත් කෙලෙසන්නේ නැතිව ඔවුන්ට පුළුවන් ඒ අනාගත දැක්ම ප්‍රකාශයට පත් කරන්න.
 
 
මාධ්‍යවේදියා :
අනුර කුමාර මහතා ඉදිරිපත් කරන්න යනවා ජනාධිපති අපේක්ෂකයෙකු හැටියට ඔබතුමාට ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ.



ගෙවිඳු :
මම දැනුවත් නැහැ ඒ ගැන. මම හිතන්නේ නැහැ එතුමාව ජනාධිපති අපේක්ෂකයෙකු හැටියට පත් කරයි කියලා. අපි ඉල්ලීමක් කරා දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ව්‍යවස්ථාව අනුව නව ජනාධිපති තෝරන තුරු වැඩබලන ජනාධිපති තුමා හැටියට ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිපාදන තියෙනවා එතුමාට දැනට පවතින කැබිනට් ඇමැතිවරයකු පත් කරන්න වැඩබලන අගමැතිවරයා හැටියට.

අපි මේ රටේ ස්ථාවරත්වය ගැන හිතලා කෙටි කාලයකට වෙන්න පුළුවන් අපි යෝජනා කරනවා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාව වැඩබලන අගමැති තුමා හැටියට පත් කරන්න කියලා.



මාධ්‍යවේදියා :
මේ සියලු දේවල් වලට තියෙන්නෙ කාලය තව දවස් දෙක තුනයි. මේ දවස් දෙක තුනට අගමැතිවරයකු ගේ අවශ්‍යතාවය තිබෙනවා කියලද ඔබ කියන්නේ.


ගෙවිඳු :
ඔව් රටේ තිබෙන අස්ථාවරභාවයක් එක්ක අපි හිතෙනවා රට තවදුරටත් සන්සුන් කරන්න. අපි දන්නේ නැහැ මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා. විවිධ විදේශීය බලවේගවල විවිධ මැදිහත්වීම් තියෙනවා. 
 
ව්‍යවස්ථා ප්‍රතිපාදන ඉතාම පැහැදිලිව තියෙනවා ජනාධිපතිවරයෙක් ඉල්ලා අස් වුනොත් හරි එතුමට අනතුරක් හෝ කුමන හේතුවක් නිසා තනතුරෙහි පුරප්පාඩුවක් ඇති වුණහොත් ව්‍යවස්ථාවෙන් අගමැති තුමා වැඩබලන ජනාධිපති තුමා හැටියට පත් වෙනවා. එතකොට ඒ වැඩබලන ජනාධිපති තුමා විසින් පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමතිවරයෙක් වැඩ බලන අගමැතිවරයා හැටියට පත් කිරීමට හැකියාව තිබෙනවා




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්