හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර නීති ප්‍රකාරව කටයුතු කිරීමට ඇතැම් පුද්ගලයින් සහ කණ්ඩායම් කටයුතු

කරමින් සිටින බව 'ශ්‍රී ලංකා ගාර්ඩියන්' සිය කතුවැකියෙන් පෙන්වා දී තිබේ.


එසේම ජුලි 09 වැනිදා සිදුවීම මෙරට ජාතික ආරක්ෂාවේ බරපතල බිඳවැටීමක් ලෙස දකින ශ්‍රී ලංකා ගාර්ඩියන් කතුවරයා එය පාස්කු ප්‍රහාරයට වඩා බරපතල බව සඳහන් කර ඇත.

"පුද්ගලයෙකු වශයෙන් ගෝඨාභය රාජපක්ෂ වැදගත් නොවනු ඇතැයි කිව හැකිය. නමුත්  ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාය අතිශය වැදගත්ය. ස්වෛරී රාජ්‍යයක් ලෙස ජුලි 9 වැනිදා ජාතික ආරක්‍ෂාව පිළිබඳ බරපතළ අසාර්ථකත්වයකට අපි මුහුණ දුන්නේය. මෙය මේ රටේ ජාතිකත්වයට එල්ල වූ බිහිසුණුම ප්‍රහාරයයි," කතුවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එම කතුවැකියේ වැඩිදුරත් මෙසේ සඳහන් වේ.

"මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත් කර ඇති නිලධාරීන්ගේ අදක්ෂතාව නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් හුදකලා වී ඇත. එක්සත් ජාතීන්ගේ ආශිර්වාදය ඇතිව ශ්‍රී ලංකාවට එරෙහිව තත්ත්‍වවාදී (ඇඩ් හොක්) අධිකරණයක් පිහිටුවීමේ කටයුතු සිදුවෙමින් පවතී. එ.ජා. ආරක්ෂක මණ්ඩලය හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීම සඳහා සලකා බැලීම් මාලාවක් දැනටමත් ඉදිරිපත් වී ඇත. ගෝඨාභය බිල්ලට දී අන් සියල්ලන්ම නිදහස් විය හැකි යැයි සිතන්නේ නම්, ඔවුන්ට සියලු සිදුවීම් බලා නිහඬව සිටිය හැකිය. ''

සම්පූර්ණ කතුවැකිය කියවීම සඳහා :

Sri Lanka: Plot to Arrest Gota


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය