ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස හා ඩලස් අලහප්පෙරුම අතර අද (18) දහවල් පැවති සාකච්ජාව අවසන් එකඟත්වයකින් තොරව අවසන්ව ඇත.


සජබ ආරංචි මාර්ග වලට අනුව ඩලස් අලහපෙරුම හා සජිත් ප්‍රේමදාස ඔවුන් දෙදෙනාගේ අතිශයයින් සමීප විශ්වාසවන්තයන් කිහිප දෙනෙකු සමග කොළඹ දී රහස් සාකච්ජාවක් පවත්වා ඇත.

එහිදි ඩලස්ගේ නියෝජිතයින් සංඛ්‍යා ලේඛන සාක්ෂි සහිතව පෙන්වාදී ඇත්තේ ඩල්ස් ජනාධිපති- සජිත් අගමැති එකඟතාවයකින් තරඟ වැදුනොත් අවම වශයෙන් ඡන්ද 135 ක් ලබා විශිෂ්ඨ ජයග්‍රහනයක් ලැබිමේ හැකියාවක්  ඇති බවයි.

තුන් කොන් සටනක් ඇතිවුනොත් සජිත් -රනිල් -ඩල්ස් තිදෙනාගෙන් කිසිවෙකුට 50% ලබා ගත් නොහැකිව දෙවන මනාපය මත ජයග්‍රාහකයා තීරණය වීමට ඉඩ ඇති බව එම කණ්ඩායම පෙන්වාදී ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම සංඛ්‍යා ලේඛන හා දත්ත සම්බන්ධයෙන් සැහීමකට පත්ව නොමැති අතර ඔහු තනිවම තරග කිරීමේ දැඩි ස්ථාවරයක සිටිනා බව සජබ ප්‍රකාශකයකු 'ද ලීඩර්' වෙත පැවසිය.

 

එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ, මේවනවිට සජිත් ප්‍රේමදාස වෙත විශාලතම බලපෑම එල්ල කර ඇත්තේ සජබ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බවයි. සජිත් ජනාධිපති ධුරයට තරග නොකොලොත් තමන් තරඟ කරන බවටත්, පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත්වන බවටත් ඔහු තර්ජනය කරමින් සිටින බව පැවසේ. 



කෙසේවුවද දෙපාර්ශවය අතර පොදු එකඟතාවයක් සඳහා අවසන් තීරණයක් ගැනීමට දෙපාර්ශවයේ නියෝජිතයින් අද රාත්‍රී යළි හමුවීමට නියමිතය.

මේ අතර සජිත් ප්‍රේමදාස හා ඩලස් අලහප්පෙරුම වෙන වෙනම පක්ෂ 11 සන්ධානයේ නියෝජිතයින් සමග සාකච්ජා පවත්වා ඇතැයි ද  වාර්තාවේ.


ජනපති සටනේ නාමයෝජනා දීමට තවත් පැය කිහිපයයි



අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාම යෝජනා භාරදීමට තවත් පවතින්නේ පැය කිහිපයක කාලයකි.

ලබන 20 වෙනිදා මෙරට පාර්ලිමේන්තුව මගින් තෝරාගන්නා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට නියමිතය.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් මේ වන විට ඒ සඳහා තරග වදින බවට ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ විට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පලකිරීමට තීන්දුකර ඒ සඳහා දැවැන්ත මෙහෙයුමක් ද ආරම්භකර තිබේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා ගැනීමේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය ඩලස් අලහප්පෙරුමට ලබාදෙන බව එහි නායක වාසුදේව නානායක්කාරසඳහන් කළේ ය.

මේ අතර ඊ.පී.ඩි.පී. නායක ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කළේ, තම පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවයි.

ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ගන්නා ඕනෑම තීන්දුවක් සමග එකඟ වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ප්‍රකාශ කළේ ය.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්