1200 x 80 DMirror

පාස්කු ඉරිදා බෝම්බය සම්බන්ධයෙන් ඇති ගැටලුව විසඳාලීම තම බලාපොරොත්තුව බවත්,

ඒ සඳහා සියලු දෙනා එකඟ වන්නේ නම් බ්‍රිතාන්‍යය පොලිසියේ සහය ලබා ගැනීමට තමන් බලාපොරොත්තු වන බවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (18) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ෂණ කොමිසමේ වාර්තාවන් මෙන්ම වෙනත් වාර්තාවන් ඇති බවත් ඒ සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් හෙතෙම එහිදී පැවසිය.

විදේශ විමර්ශකයින්ගේ සහය මෙන්ම මෙම ප්‍රහාරය ගැන විමර්ෂණය කළ මෙරට විමර්ශකයින්ගේ සහයද එයට ලබා ගනිමින් තවත් කල් නොයවා මෙම ගැටලුව විසඳාලීය යුතු බවද වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියේය.



අද වන විට රටේ නීතිය කැඩීමේ ව්‍යාපාරයක් පවතින බවත්, අපට ඇත්තේ එයට විරුද්ධව රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම බවත් පැවසු වැඩබලන ජනාධිපතිවරයා, පැසිස්ට් ක්‍රමවේදයෙන් රටක නීතිය හා සාමය නැතිකරන්න ඉඩ නොදෙන බවත් සාමකාමී අරගලයට තමන් සැමවිටම පිළිගන්නා බවද පැවසිය.



මේ රටේ දේශපාලන ගැටලුවක් කියා පවතින්නේ විධායක ජනාධිපති ධුරය බවත්, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යලි බලාත්මක කිරීමෙන් පසු නැවත ඒ ගැන සාකච්ජා කිරිමට අවස්ථාව ලැබෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මැයි 13 වැනිදා තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගන්නා විට දිනකට පැය 5ක විදුලිය විසන්ධි කරමින් ආර්ථිකය කඩා වැටී තිබූ බව පැවසු වැඩබලන ජනාධිපතිවරයා, තමන් අගමැති ධුරයට පත්වී මාස දෙකක කාලය තුළ විදුලිය කප්පාදුව දිනකට පැය 3 දක්වා අඩුකරලීමට හැකි වූ බව ද සඳහන් කළේය.

එමෙන්ම යල කන්නයේ වගාවන් සඳහා ගොවි ජනතාවට පොහොර ලබාදීමට හැකිවූ බවත් මේවන විට මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද හෙතෙම පැවසිය.

රටේ පැවති ගෑස් හිඟයට විසඳුම් ලබාදුන් බවත් මේ වන විට අඛණ්ඩව ගෑස් සැපයීමට හැකියාව ලබාදී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

ජූලි මාසය ඉන්ධන සැපයීමේ දුෂ්කර කාල පරිච්ඡේදයක් වනු ඇති බව අවසන් මොහොතේ තමා පැහැදිලි කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත්, ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21 වනදා සිට පෙට්‍රල් ද බෙදා හැරීමට නියමිත බව පැවසු වැඩබලන ජනාධිපතිවරයා, ලෝක වෙළෙදපලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ද මෙරට ජනතාවට ලබාදීමට පියවර ගත් බව සඳහන් කළේය.

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය