ජුලි 29 වෙනිදා තේරීපත්වන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා, අප මුහුණ දී ඇති මේ ව්‍යසනයෙන්
රට මුදවාලීමට අවශ්‍ය තර්කානුකූල ගමන් මාර්ගයට රට යොමු කිරීමේදී ඊට අවශ්‍ය මූලික ලිබරල් වටිනාකම් පිළිගනිමින් එම වටිනාකම් ආණ්ඩුක්‍රමය තුල සැබෑ යථාර්ථයක් බවට පත්කිරීමට කටයුතු කරනු ඇතැයි තම සංවිධානය බලාපොරොත්තු සහගතව සිටින බව 'ලිබරල් තරුණ ව්‍යාපාරය' පවසයි.
'ලිබරල් තරුණ ව්‍යාපාරය' (Liberal Youth Movement) විසින් සියලුම ජනාධිපතිධූර අපේක්ෂකයින් වෙත යොමුකර ඇති විවෘත ලිපියක එබව සඳහන් වේ.
එම ලිපියේ මෙසේ දැක්වේ.
ජනාධිපතිධූර අපේක්ෂක
වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම,
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්වරුණි,
ඔබ සියලු දෙනාම ජනාධිපතිධූරය සදහා තරග කරනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙහි ප්‍රථිඵලයක් වශයෙන් පූර්ව ජනාධිපතිවරයාගේ ධූරකාලයෙහි ඉදිරිකාලය සම්පූර්ණ කිරීම සදහා වේ.
එම ප්‍රතිපාදනය ප්‍රකාරව ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතරින් අයෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් ඔබ එම ධූරය සදහා තරග කරන මේ මොහෙතේ අප රටෙහි පවතින දේශපාලන සහ සාමාජයීය පසුබිම ඔබට නැවත් මතක් කරදීමට අවසර ඉල්ලා සිටිමු.
සිය ධූරකාලය සම්පූර්ණ වීමට ප්‍රථම ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස් වූ ප්‍රථම ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ වේ. ඔහුගේ ඉල්ලා අස්වීම ස්වෙච්ඡා සහගත නොවූ අතර අඛණ්ඩ පුරවැසි අරගලයක ප්‍රථිඵලයක් වශයෙන් එම ඉල්ලා අස්වීම සිදු විය.
ගෝඨාභය රාජපක්ෂ ඇතුලු වසර 70 ක දේශපාලනය විසින් මෙරට ඇතිකරන ලද ආගමික අන්තවාදය, නිළධාරීවාදය, මාධ්‍යය ත්‍රස්තවාදය, සොරකම, දූෂණය ඇතුලත් ශ්‍රී ලංකාවේ පවතින දූෂිත සහ නොදියුණු දේශපාලන ක්‍රමවේදය රටේ බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන සංක්‍රාන්තික සමයකට ඔබ අප සියලු දෙනා මේ මොහෙතේ අවතීර්ණ වී ඇත.
එවන් පසුබිමක් තුල ඇතැම් පුරවැසියන් විසින් ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවෙහි සිටින ඔබ ඇතුලු 225 ක් වන මන්ත්‍රීවරුන් සියල්ලම අසමත් මහජන නියෝජිතයන් ලෙස හදුනාගනිමින් සිටියි.
එවන් මොහොතක ඔබ සියලු දෙනාගේ ජනාධිපතිධූර අපේක්ෂකත්වය බහුතර ජනතාවගේ හොඳම අපේක්ෂාව නොවන බව ද මතක් කර දිය යුතුය.
නමුත් රටෙහි ජනතාව ජනාධිපති අපේක්ෂකවරු වශයෙන් ඔබ සියලු දෙනාගේ ඉදිරිපත්වීම දරාගෙන සිටින්නේ ඔවුන් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන් වශයෙන් රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගරු කරමින් එම රාමුව තුල සිය පුරවැසි බලය ක්‍රියාත්ම කරන බැවිනි.
මේ රටේ බහුතර පුරවැසියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, නීතියේ ආධිපත්‍යය, දරාගැනීම, සාමය වැනි වටිනාකම් ගරු නොකලා නම් ගෝඨාභය රාජපක්ෂ රට හැරදා ගිය දිනෙන් පසු රටෙහි තත්වය මීට හාත්පසින් වෙනස් වීමටත් ඔබ සියලු දෙනාගේ ජනාධිපතිධූර අපේක්ෂකත්වය සිහිනයක් පමණක් වීමටත් ඉඩ තිබුණි.
මේසා ගෞරවාන්විත පුරවැසියන්ගේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන නියෝජිතයන් වශයෙන් ඔබ සියලු දෙනාගෙන් ලිබරල් තරුණ ව්‍යාපාර වශයෙන් අප ඉල්ලා සිටින්නේ, ඡන්ද විමසීමට සූදානම් වන මේ මොහොතේ සිට ඔබ එක් අයෙක් ජයග්‍රහණය කර ජනාධිපතිධූරයේ වගකීම් ආරමභ කර අවසන් වන තෙක්ම ජනතා අභිලාශයන් වෙනුවෙන් පමණක් පෙනි සිටීමට හිතට ගන්නා ලෙසයි.
ඉතා සියුම් ප්‍රචාරණයන් මගින් ආගම, ජාතිය සහ ජාතික ආරක්ෂාව පිළිබද ජනතාව තුල භීතිය ඇතිකරමින් සිදු කරන ලද මැතිවරණ ව්‍යාපාර ඔබ සියලු දෙනාට ද මතකයේ ඇති බව විශ්වාස කරන අතර තව දුරටත් රටෙහි පුරවැසියන් එයාකාරයෙන් රැවටීම සිදු කල නොහැකි බැවින් ආරාජිකත්වය, ආර්ථික අර්බුදය ආදිය පිලිබදව භීතියක් නිර්මාණය කරමින් ද, ඔබට කිසිදිනෙක ඉටු කල නොහැකි බව දන්නා මහපොළවෙන් දුරස්ථ පොරොන්දු ලබා දෙමින් ද ජනතාව මුලා කිරීමේ නොදියුණු මැතිවරණ ව්‍යාපාර ක්‍රමය අවසන්ව ඇති බව අප විශ්වාස කරමු.
එමෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍යය හිමිකරුවන්ගේ පුද්ගලික අවශ්‍යතා ඉෂ්ඨ කරදීමේ පොරොන්දුව මත එම මාධ්‍යයන්ගේ සහාය ලබා ගැනීමේ අනිටු ප්‍රථිඵල ඉතිහාසය සාක්ෂි දරණ බැවින් ඔබ එවන් අනුවණ ක්‍රියාවන් හි ඔබ නිරත නොවේ යැයි අප විශ්වාස කරමු.
එමෙන්ම මුදල් වියදම් කරමින් සහ වාසි ප්‍රයෝජන ලබා දෙන බවට පොරොන්දු වෙමින් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමේ ගෝත්‍රික දේශපාලනයෙහි ඔබ තවදුරටත් නිරත නොවනු ඇතැයි අපි විශ්වාස කරමු.
මන්ද ඕනෑම ප්‍රතිපත්ති විරෝධී මැතිවරණ ව්‍යාපාරයක් වුවද ජයග්‍රහණයෙන් අවසන් කල හැකිමුත් එය සැබෑ ජයග්‍රහණය නොවන බවත්,
සැබෑ විජයග්‍රහණය වනුයේ ඔබ විසින් ඔබ ධූරයේ වගකීම් නිසි පරිදි ඉටු කරමින් ජාතිය එහි අභිවෘද්ධිය කරා මෙහයවීම බවත්, එසේ නොවුනහොත් ජයග්‍රහණය කල වේගයෙන්ම ඔබ පරාජය කරා ගමන්කරනු ලබන බවත් එහිදී සමාජයෙන් එල්ලවන අභියෝගයන්ට ඔබට තනිව මුහුණ දීමට සිදුවන බවත් පසු ගිය සිදුවීම් සාක්ෂි දරයි.
ඔබ කවරෙක් ජනාධිපතිධූරය සදහා තේරී පත්වුවත් පොරොන්දු වන ආකාරයේ ආශ්චර්‍යන් සිදු කිරීමට ඔබ කිසිවෙකුට නොහැකි බවත් සාමූහික ප්‍රයත්නයකින් පමණක් මේ අර්බුදය විසඳිය හැකි බවත් රටේ බහුතර පුරවැසියන් මෙන්ම ලිබරල් තරුණ ව්‍යාපාරයද විශ්වාස කරනු ලබයි.
එම නිසා අප ඔබෙන් මූලික වශයෙන් අපේක්ශා කරනුයේ,





මීට අමතරව ඔබ විසින් ඉහත කී ලිබරල් වටිනාකම් මත හිදිමින් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට වහා පියවර ගත ගත යුතු බවත්, ඒ සදහා වන දිනවකවානු නියම කල යුතු බවත්, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි විධි විධාන අහෝසි කර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහා ඉදිරිපත් කල යුතු බවත්, ඒ යටතේ ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කල යුතු බවත්, අපරාධ මගින් උපයාගත් වත්කම් නැවත රජයට පවරා ගැනීමට අවශ්‍ය නීති යාන්ත්‍රණය වඩා ශක්තිමත් කර ක්‍රියාවට නැංවිය යුතු බවත්, ආර්ථික අර්බුදය ආමන්ත්‍රණය කිරීමට අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙළට වහා අවතීර්ණ විය යුතු බවත් අපි අපේක්ෂා කරමු.
එම නිසා අප මුහුණ දී ඇති මේ ව්‍යසනයෙන් රට මුදවාලීමට අවශ්‍ය තර්කානුකූල ගමන් මාර්ගයට රට යොමු කිරීමේදී අවශ්‍ය මූලික ලිබරල් වටිනාකම් පිළිගනිමින් එම වටිනාකම් අප ආණ්ඩුක්‍රමය තුල සැබෑ යථාර්ථයක් බවට පත්කරවමින් ගෞරවාන්විත වගකීමක් ඉටු කිරීමට ජනාධිපති ලෙස තේරීපත් වන ඔබ විසින් ක්‍රියා කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
අපි,
ලිබරල් තරුණ ව්‍යාපාරය.
@ Liberal Youth Movement
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.