මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වට කිරීමක් කිසිසේත් සිදුනොකිරීමට ගාලුමුවදොර අරගලකරුවෝ ඒකමතිකව තීන්දු කරයි.



පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ක්‍රියාවලිය සඳහා බලපෑම් කිරීම සාමකාමී ලෙස සිදුකල යුතු බවත්, කිසිසේත් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වටකිරීම වැනි ක්‍රියා සිදු නොකල යුතු බවත් ඊයේ (18) දින ගාලුමුවදොර දී රැස් වූ ගාලුමුවදොර අරගලකරුවන්ගේ ප්‍රධාන කමිටුව විසින් ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තාවේ.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් නීතිය අතට ගනිමින් සිදුකරන සියලු ක්‍රියාවලින් වැලකිය යුතු බව ගාලුමුවදොර මධ්‍යස්ථ මතධාරී සියල්ලන්ගේම අදහස වී ඇති බව පැවසේ.

ffffffrrxxxxxxxxxx


මේ අතර ගාලුමුවදොර අරගලයේ නියුතු ජීවන්ත පීරිස් පියතුමා  පැවසුයේ, ජූලි 19 සහ 20 දින ගාලු මුවදොර අරගලකරුවන් පහත වැඩසටහන් සංවිධානය කරන බවයි.

ජූලි 19 අඟහරුවාදා:

උදේ 10 ට මාධ්‍ය සාකච්ඡාව

දවල් 2 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණය සහ ගෝල්ෆේස් දක්වා පෙළපාලිය


ජූලි 20 බදාදා:

උදේ 10 ට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඬ සත්‍යග්‍රහය.

සවස 3 ට ගෝල්ෆේස් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මහජන රැලිය

සැ.යු: කිසිම හේතුවක් නිසා පාර්ලිමේන්තුව දෙසට අරගල කරුවන් ලෙස අපි ගමන් නොකරමු.



අරගලකරුවෝ විපක්ෂනායක හමුවේ !

මේ අතර අරගල භූමියේ සියලු නායකයන් ඊයේ (18) පස්වරුවේ විපක්ෂනායක කාර්යාලයට ගොස් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ජා පැවැත්විය.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ ඕනෑම ක්‍රියාපටිපාටියකට යන්නැයි අරගලකරුවෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දැනුම් දුන්බව විපක්ෂ නායක කාර්යාල ආරංචිමාර්ග පවසයි.

''මම අරගලය පාවා දෙන කිසිම තීන්දුවක් ගන්නේ නෑ'' විපක්ෂ නායකවරයා එහිදී අරගලකරුවන් හමුවේ ප්‍රතිඥාවක් දී ඇත. 

 
සටන් විරාමයක් !

මේ අතර දින 100ක් පුරා අඛණ්ඩව  දිවා රාත්‍රී නොබලා ජිවිත පරිත්‍යාගයෙන් අරගලයට දායක වූ ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම ගාලුමුවදොර අරගල භූමියෙන් තාවකාලිකව ඉවත්වීමට තීන්දුකර ඇතැයි වාර්තාවේ. ඔවුන් ඊයේ දිනයේ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් කිහිප දෙනෙකුම හමුවී සිය ස්ථාවරය දැනුම් දී ඇතැයි පැවසේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධුරයෙන් පලවා හැරීමට දියත්කල සාමකාමී අරගලයේ මුලික අරමුණ ඉටුව ඇති බැවින්, අරගලයේ දෙවන මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා කෙටි විරාමයක් ගැනීමට ඔවුන් තීරණය කර ඇත.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික මොටිවේෂන් අප්පච්චි  (Motivation Appachchi ) ඊයේ (18) රාත්‍රී සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස පෙනී සිටිමින් මෙසේ සඳහන් කළේය.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්