තීරණාත්මක පියවරක් ගැනීමට තමන් පාර්ලිමේන්තුව බලා යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටියි.
ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කර සිටියේ රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සුදුසු අවස්ථාවේදී තමන් නිවැරදි තීරණයක් ගන්නා බවයි.
"තීරණාත්මක පියවරක් ගැනීමට මම පාර්ලිමේන්තුවට බලා ගමන් කරමින් සිටිනවා. මගේ මාතෘභූමියේ ජාතික අවශ්‍යතා සහ මගේ සහෝදර ශ්‍රී ලාංකීය ජනතාවගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සුදුසු අවස්ථාවේ දී මම නිවැරදි තීරණයක් ගන්නා බව ජනතාවට දැනුම් දීමට අවශ්‍යයි." යයි විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ ට්විටර් සටහනේ සඳහන් වේ.

ජනපති ධුරය සඳහා නාමයෝජනා භාර දීම අද (19)
අනුප්‍රාප්තික ජනාධිපති තෝරාපත්කර ගැනීම සඳහා වන නාමයෝජනා භාරගැනීම අද (19) සිදු කිරීමට නියමිතව තිබේ.
අද (19) උදෑසන 10 .00ට පාර්ලිමේන්තුව රැස්වී නාමයෝජනා භාරගැනීම කළ යුතු බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පසුගිය සෙනසුරාදා සභාවට දන්වා සිටියේ ය.
පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නාමයෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවන නිලධාරියා හෙවත් තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කරනු ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මහලේකම්වරයා අමතමින් තවත් මන්ත්‍රීවරයෙකු ජනාධිපති ධුරයට යෝජනා කළ යුතු වේ.
එසේ යෝජනා කරන මොහොතේ නම යෝජනා කරන මන්ත්‍රීවරයා සභා ගර්භයට පැමිණ සිටීම අත්‍යවශ්‍යයි.
ඊට පසු එම යෝජනාව වෙනත් මන්ත්‍රීවරයෙකු ස්ථිර කළ යුතු වේ.
මේ පිළිබඳව විවාද කිරීමට කිසිම හැකියාවක් නොලැබේ.
යම් ආකාරයකින් එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා කර ස්ථිර කළ හොත් එම මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව තෝරාපත් කරගෙන ඇති බව එදිනම මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත්කරනු ලබයි.
එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකුගේ නම් යෝජනා කොට ස්ථිර කළ හොත් නාමයෝජනා භාරගැනීමේ වෙලාවෙන් දින දෙකකට පසුව නොවූ දිනයක ඡන්ද වීමසීම පැවැත්විය යුතු ය.
ඒ අනුව අද දිනයේ නම් දෙකක් හෝ කිහිපයක් යෝජනා වුවහොත් හෙට (20 වැනිදා) වෙන් වන්නේ ඡන්ද විමසිම පවත්වා ජනාධිපතිවරයා තෝරා ගැනීමටයි.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.