සියලු අනුප්‍රාප්තික ජනාධිපති අපේක්ෂකයින් සිය අනාගත වැඩපිළිවෙළ ජනතාවට වහාම හෙළිකල යුතු බව අරගලයේ පාර්ශවකාර සංවිධානයක්

අවධාරණය කර සිටියි.

මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් එම දැනුම්දීමක් කර ඇත්තේ, Black Cap Movement සංවිධානයයි.

එම සංවිධානයේ සම කැඳවුම්කරුවන් වන විමුක්ති දුෂාන්ත, හේමප්‍රිය කවිරත්න හා මහ ලේකම් අකලංක හෙට්ටිආරච්චි යන අයගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේ සඳහන් වේ. 


සියලු අනුප්‍රාප්තික ජනාධිපති අපේක්ෂකයින් සිය අනාගත වැඩපිළිවෙළ ජනතාවට හෙළිකල යුතුයි  


පසුගිය මාර්තු 01 වෙනිදා අප සංවිධානයේ සාමාජිකයින් කොහුවලින් නිහඬ විරෝධතාවයන් සඳහා පාරට බහින්නේ නව ජනරජයක නැවුම් සිහිනයක් සමඟිනි. එමෙන්ම අප්‍රේල් 09 වනදා සිට අද දක්වා දින 102 ක කාලයක් ගාලුමුවදොර අරගලය තුළ අප පාර්ශවකරුවන් වන්නේද එකී නැවුම් සිහිනය සිත් හි දරාගෙනය.

ලංකාව වෙලා ගෙන පවතින ආර්ථික සමාජ සහ දේශපාලන අර්බුදය කඩිනමින් විසඳා ගැනීම සඳහා කඩිනම් අවම පොදු වැඩපිළිවෙළක් ද එතනින් ඔබ්බට ශ්‍රී ලංකාව ධනය උත්පාදනය කරන රටක් ලෙස හතරවෙනි කාර්මික විප්ලවය ජයගැනීමට හැකි පදනමක් සකස් කරගැනීම සඳහාත් අනුප්‍රාප්තික ජනාධිපති අපේක්ෂකයින් සතු වැඩපිළිවෙළ කුමක් දැයි අප දැනගැනීමට කැමැත්තෙමු.

එමෙන්ම එකී  ආර්ථික ප්‍රතිව්‍යුහගත කරන වැඩ පිළිවෙලේදී මඟහැරෙන, සමාජයේ දුර්වල කොටස් රැකගැනීම සඳහාත් සාධාරණ ආදායම් ප්‍රතිව්‍යාප්තියක් තහවුරු කිරීමටත් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේදැයි එකී වැඩපිළිවෙළ තුළින් අප දැනගැනීමට කැමැත්තෙමු.

අවසාන වශයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක ධනේශ්වර විප්ලවයක් කරා වේගයෙන් ලංකාව රැගෙන යාමට සමස්ත පාර්ලිමේන්තුවම කැපවියයුතු බව අප අවධාරණය කරමු. ''
 

1 b3 b


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්