ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී පක්ෂයේ තීරණය හා එකඟ වී

ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ තීරණය කර තිබේ.

එහි විධායක සභාව රැස්වූ අවස්ථාවේදී ඒකමතිකව මෙම තීරණයට එළැඹි බව එම පෙරමුණේ සභාපති ඩී.වී. චානක පැවසීය.

“සියලු ම දෙනා ඒකමතිකව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂයේ තීරණයත් එක්ක එකඟ බව තමයි අන්තිමට තීරණය වුණේ.”

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තේරීමේ තරගයේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය දා තීරණය කර තිබිණි.

ඒ අනුව, අද (ජූලි 19) පාර්ලිමේන්තුවේදී ඒ සඳහා නාමයෝජනා භාර දුන් අතර එම අවස්ථාවේදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කිරීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කටයුතු කළ අතර එය අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ස්ථීර කරනු ලැබී ය.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්