ජනාධිපති අනුප්‍රාප්තිකයා තොරා ගැනිම සඳහා හෙට (20) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී, තම පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සිය ඡන්දය සලකුණු

කිරීමෙන් පසු එය ඡන්ද පත්‍රීකාව පෙට්ටියට දැමීමට පෙර ජයරුපයක් ගෙන 'වට්ස් ඇප්' හරහා තමාවෙත යොමුකළ යුතු බවට පක්ෂ නායකයකු විසින් උපදෙස් දි ඇතැයි වාර්තාවේ.

කතානායක ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (19) රැස් වු අවස්ථාවේ දි මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ද පැවසේ.

මේ සම්බන්ධයෙන් කල  විමසීමකදී පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, ජනාධිපති තොරාගන්නා ඡන්ද විමසිමේදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම ඡන්දය ජායාරූප ගත කරලහොත් ඔවුනට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක අසුන් ගැනිම වසර 7කට අහිමි වනු ඇති බවයි.

වසර 1981 අංක 2 දරන ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනතේ 20 වැනි වගන්තිය මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීම හෝ බල කිරීම තහනම් කිරීම ඇතුළුව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධ නීති රීති ගෙනහැර දක්වයි. මෙය රහස් ඡන්දයක් බැවින් මන්ත්‍රීවරයෙකුට තම ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කිරීමට බල කිරීමට යන ඕනෑම ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලය වන්නේ ඔවුන්ට වසර හතකට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම තහනම් කිරීමයි.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්