1200 x 80 DMirror

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැතිවරයා කිරීමට කැපවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් බීබීසීයට පැවසුවේය.



අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමට අදාළ නාමයෝජනා අද (ජූලි 19) පාර්ලිමේන්තුවේදී කැඳවූ අවස්ථාවේදී ඒ සඳහා ඩලස් අලහපෙරුම මන්ත්‍රීවරයාගේ නම යෝජනා කරන ලද්දේ සජිත් ප්‍රේමදාස විසිනි. මහාචාර්ය ජී.එල් පීරිස් එම යෝජනාව ස්ථිර කළේය.

ඩලස් අලහපෙරුම ජනාධිපති කර සජිත් ප්‍රේමදාස අගමැති කිරීමේ සැලැස්මක් මේ වනවිට ක්‍රියාත්මක වේ දැයි යන්න බොහෝ දෙනාගේ ද කුකුසයි.

එමෙන්ම මහාචාර්ය ජී.එල් පීරිස් සභාපතීත්වය දරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ඇතුළු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කිරීම සඳහාද ක්‍රියා කරමින් සිටී.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පළ කිරීමෙන් බොහෝ මන්ත්‍රීවරු වැළකී සිටියහ.




විමල්ලාගේ පක්‍ෂ එකමුතුවේ සහය ඩලස්ට


හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල නියෝජනය කරන ස්වාධීන පක්‍ෂ එකමුතුව පාර්ලිමේන්තුවේදී හෙට (20) පැවැත්වෙන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයේදී ඩලස් අගහප්පෙරුමට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

විමල් වීරවංශ ගේ ද සහභාගිත්වයෙන් බොරැල්ල, කොමියුනිස්ට් පක්‍ෂ මූලස්ථානයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නියෝජිතයෝ ඩලස් අලහප්පෙරුමට සහයෝගය දක්වන බව පැවසූහ.

මෙම මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේ පැවසිය.

“මේ රටේ කෝටි ගණනක මහ ජනතාවගේ සියලුම අනාරක්ෂිත හැඟීම්, මනෝභාවයන් නැති වෙන පාලනයක් තමයි මේ පිහිටුවන්නේ, නැති කරන්න පුළුවන් පාලනයක් තමයි මේ පිහිටුවන්නේ.

ඒ වගේ ම ගාලුමුවදොර ඉන්න ඒ තරුණ අරගලකරුවන්ගේ අභිලාෂයන්ටත් ඇහුම්කන් දෙන ඒවාටත් ඉඩ දෙන පාලනයක්, ඒ අයගේ අදහස් සැලකිල්ලට භාජනය කරගෙන ඉදිරියට යන පාලනයකු යි මේ පිහිටුවන්න යන්නේ.

ගැටුම්වලින් ඉදිරියට යන රටක් නෙමෙයි. මිතුදමින් සමගියෙන් බැඳෙමින් ඉදිරියට යන රටකුයි මේ මගින් නිර්මාණය වෙන්නේ.

ඒ නිසා ඒ පිංකමට අතගහන්න. බුද්ධිමත්ව කල්පනා කරන සියලුම මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවේ 225 ගැන තියෙන අඳුරු ආකල්පය නැතිකළ හැකි දවසක් හෙට. සර්වපාක්ෂික ජාතික එකඟතාවය ඇතිවෙන දවස හෙට, ඒ සර්වපාක්ෂික විවිධ වර්ණයන්ගෙන් ඇතිවෙන පාලනය නිර්මාණය කිරීම සඳහා දායකත්වය දීලා, අර 225 ගැනම තියෙන අඳුරු චිත්‍රය නැතිකරන්න ඔබේ දායකත්වය දෙන්න.

ඒ නිසා අපේ පක්ෂ ඔක්කොගෙම එකමුතුවේ ඉන්න මන්ත්‍රීවරු 16ක පමණ පිරිස අපි සියලුදෙනාම හෙට අපේ ඡන්දය පාවිච්චි කරන්නේ ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුමගේ ජයග්‍රහණය වෙනුවෙන්. අපි දන්නවා ස්ථීර වශයෙන්ම ඒ ජයග්‍රහණය නියත යි.”




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය