ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ගෙන් දෙදෙනෙක් හැර අනෙක් සියලුම මන්ත්‍රීවරුන්ගේ ඡන්ද රනිල් වික්‍රමසිංහ වෙත ලැබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර

සම්පත් දසනායක පවසයි.

ඊයේ  (19) මධ්‍යම කාරක සභාව ගත් බව කියන ඩලස් අලහප්පෙරුමට සහයෝගය දැක්වීමේ තීන්දුව ගෙන ඇත්තේ ගණ පූර්ණයකින් තොරව බව ඔහු කියයි.

මන්ත්‍රීවරයා පවසන්නේ මුලින්ම මෙම ඡන්දයේ දී ස්වාධීන වීමට තීරණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එම තීන්දුව නොගන්නැයි මුල සිටම කී බවත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටි බවත්ය.

එහෙත් ඍජු තීරණයක් නොගෙන දැන් හදිසියේ කරන මෙම ප්‍රකාශයට මන්ත්‍රීවරුන් බහුතරයක් එකඟ නැති බවත් ඩලස් අලහප්පෙරුමට ලැබෙනු ඇත්තේ ඡන්ද  
දෙකක් පමණක් බවත් මන්ත්‍රීවරයා කියයි.


 ස්වාධීන වූ 06 ඩලස්ට


මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ සහාය ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම වෙත ලබාදීමට තීරණය කර ඇති බවයි.

පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ සහාය එලෙස ඔහුට හිමිවී තිබේ.



හෘද සාක්ෂියේ දස දෙනාත් ඩලස්ට


අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා හෙට (20) දින පැවැත්වෙන ඡන්දයේදී පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහාය ලබාදීමට පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීන වූ හෘද සක්ෂියේ දසදෙනාගේ කණ්ඩායම තීරණය කර ඇත.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නීතිඥ උදයන කිරිඳිගොඩ, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර, කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල,කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල, රත්නපුර දිස්ත්‍රික මන්ත්‍රී අකිල එල්ලාවල ඇතුළු මන්ත්‍රිවරුන් දසදෙනාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ ලිපියකින් ඒ බව තහවුරු කර ඇත.



රිෂාඩ්ගේ සහයත් ඩලස්ට



රිෂාඩ් බදුර්දීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුමට සහාය ලබාදීමට තීරණය කර ඇත.

බදුර්දීන් මන්ත්‍රීවරයා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව දැනුම් දුන්නේය. කෙසේවුවද ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් මේවනවිටත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අනුගාමිකයින් ලෙස කටයුතු කරයි.  

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්