අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහට පක්ෂව සිය ඡන්ද භාවිත කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර තිබේ.


එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ජනාධිපති ධුර අපේක්ෂක ඩලස් අලහප්පෙරුම ඡන්දය ලබා දෙන බවට ඊයේ (19) දිනයේ ප්‍රකාශ නිකුත්කළ දේශපාලන පක්ෂ බොහොමයක් දැනටමත් විපක්ෂය නියෝජනය කරන අතර ලංකා කම්කරු කොංග්‍රසය ඊයේ මධ්‍යම රාත්‍රී ගත් තීන්දුවේ විශේෂත්වය වන්නේ එම පක්ෂය විපක්ෂයේ සිට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහය පළකිරීමයි.


Jeevan Th 2022

මේ අතර ජනාධිපති ධුරය සඳහා අපේක්ෂකයෙක් තේරීමේ දී සමගි ජන බලවේගයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා දෙමළ ජාතික සන්ධානයේ සහාය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ලබාදීමට තීරණය කර තිබුණ ද එම පක්ෂවල මන්ත්‍රීවරු කණ්ඩායමක් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ ට සහාය දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (20) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ සඳහා පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වීමට නියමිතය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත් වීමත් සමග වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත්වුණි.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ධුර කාලය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගත යුතු අතර ඒ සඳහා වන ඡන්ද විමසීම අද මෙලෙස පැවැත්වීමට නියමිතය.


jan.jpg
මේ වන විට අනුප්‍රාප්තික ජනාධිපතිවවරණය සඳහා අපේක්ෂකයන් තිදෙනෙකු නාමයෝජනා භාර දී තිබේ.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඒ සඳහා නාමයෝජනා භාරදීම ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකෙරුණි.

එහිදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් යෝජනා කළ අතර මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා එය ස්ථීර කළේය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ නම විජිත හේරත් මන්ත්‍රිවරයා විසින් යෝජනා කළ අතර එය හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය විසින් ස්ථිර කරනු ලැබීය.

ඩලස් අලහප්පෙරුම ගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කළ අතර මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා විසින් එය ස්ථීර කළේය.

එම අපේක්ෂකයින් අතරින් රනිල් වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨතම සහ වයස්ගතම අපේක්ෂකයා වේ.

73 හැවිරිදි රනිල් වික්‍රමසිංහ 1978 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.

63 හැවිරිදි ඩලස් අලහප්පෙරුම 1994 දී පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති අතර 53 හැවිරිදි අනුර කුමාර දිසානායක  2000 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන රහස් ඡන්දයෙන් මින් එක් අයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර දෙනු ඇත.

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට ඡන්ද විමසීමක් සිදුකරන පළමු අවස්ථාව මෙය වේ.

මීට පෙර 1993 වසරේ එවකට ජනාධිපති ධූරය දැරූ රණසිංහ ප්‍රේමදාසගේ මරණයත් සමග පුරප්පාඩු වූ ජනාධිපති ධූරයට අග්‍රාමාත්‍ය ධුරය දැරූ ඩී.බී විජේතුංග අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැණුනේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් තොරවය.

අද දිනයේ පැවැත්වෙන රහස් ඡන්දයෙන් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා අපේක්ෂකයා ජනාධිපති ධුරයට තෝරා පත්කර ගන්නා බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේය.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්