සර්ව පාක්ෂික සම්මුතියකින් ජාතික වැඩපිළිවෙළක් ඇතිකරන්නැයි

'ලිබරල් තරුණ ව්‍යාපාරය' අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන ඉල්ලා සිටියි.

මෙතෙක් කල් නඩත්තු කරමින් පැවත ආ දූෂණය වංචාව අක්‍රමිකතා වලට තිත තබමින් මූල්‍ය විනයක් ඇති කරලමින්, මේ සියලු අර්බුද වලට විසඳුම් සොයන මාවතක් සියලු බලවේග එකතු කරගනිමින් ජනාධිපතිවරයා  විසින් නිර්මාණය කරනු ඇතැයි එම තරුණ ව්‍යාපාරයේ අපේක්ෂාවයි.

'ලිබරල් තරුණ ව්‍යාපාරය' සම-කැඳවුම්කරුවන් වන නීතිඥ නාමීනි පණ්ඩිත, යූසුෆ් ෂෙරීෆ්, අරුණි අත්තනගොඩ සහ රුසිරු එගොඩගේ යන අයගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

''අරගලයක ජයග්‍රහණයක් ලෙස ඉල්ලා අස්වූ ජනාධිපති ධූරයේ අනුප්‍රාප්තික ජනාධිපති වරයා ලෙස උත්තරීතර පාර්ලිමේන්තුව දැන් රනිල් වික්‍රමසිංහ තෝරා පත් කරගෙන ඇත.

 ආර්ථික හා දේශපාලනික අර්බුද රැසක් පවතින මේ මොහොතේ, ඒ සියලු අර්බුද වෙනුවෙන් දේශපාලනික කුලල් කා ගැනීමකින් තොරව, බලය රැක ගැනීම ගැනම පමණක් නොසිතා, මේ ජාතික අර්බුදයෙන් රට ගොඩ නැගීම ම පමණක් සිතා ඔහු කටයුතු කරනු ඇතැයි අපි පලමු කොට අපේක්ෂා කරන්නෙමු !



ලිබරල් තරුණ ව්‍යාපාරය වශයෙන් අපි රනිල් වික්‍රමසිංහ නව ජනපති වරයාගෙන් ඉල්ලා සිටින්නේ මූලික ලිබරල් වටිනාකම් වන නිදහස, නීතියේ ආධිපත්‍ය, සාමය, ඉවසීම,  සෑම පුද්ගලයකුටම සමානව ගරුකරන සහ පුළුල් මානව හිමිකම් තහවුරු කරන නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමෙහිලා කැපවන ලෙසයි.



 රටේ සමස්ථ පුරවැසියන් ඉල්ලා සිටින ‘ක්‍රමවේදයේ වෙනස’ යථාර්ථයක් බවට පත්කරගත හැකි වනුයේ ඉහත කී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් තහවුරු කිරීමෙන් පමණක් බව අපි විශ්වාස කරමු.

ඉහත කී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් මත පදනම් වෙමින් සර්වපාක්ෂික සම්මුතියකින් යුක්ත පොදු දේශපාලනික වැඩපිළිවෙළක්, ජාතික න්‍යාය පත්‍රයක් ඉදිරි අවුරුදු දෙක හමාරක කාලය තුල ඔහු විසින් ගොඩනගනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

එහිදී පටු දේශපාලනික අරමුණු මුදුන් පත් කරගන්නවා වෙනුවට, රටේ ජනතාවගේ ප්‍රශ්න, පීඩනය සහ ඒවා සියල්ල විසඳමින් ඔවුන්ගේ අනාගතය මීට වඩා යහපත් කරලීම ඔහුගේ අරමුණ විය යුතු බව අප තරයේ සිහිපත් කරන්නෙමු.''

cfdfrrr

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්