පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක හමුදාව සහ පොලිසිය හමුවී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පස්වරුවේ ඔවුන්ට ස්තුතිය පළ ක⁣ළේය.

ජනාධිපති ධුරයට පත්වී පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන අතරතුර සිය රථයෙන් බැස ආරක්ෂක හමුදාව අතරට ගිය ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිසිය කළ මෙහෙවර පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කළේය.

000 1

000 2

 
නව ජනපතිවරයෙකු තෝරා ගැනීම සඳහා අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

ඡන්ද 134ක් ලැබූ ඔහු වැඩි ඡන්ද 52කින් ජයග්‍රහණය කළේ ය. ඩලස් අලහපෙරුම ලැබූ ඡන්ද සංඛ්‍යාව 82කි.

වසර 45ක පාර්ලිමේන්තු අත්දැකීම් අතැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අට වන විධායක ජනපති කරවන්නට රාජපක්ෂ පවුල විශාල සේවයක් සිදුකළ බව කිසිවකුට නොරහසකි.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 දා දිවයිනෙන් පිටව ගිය අවස්ථාවේ සිට වැඩබලන ජනපතිධුරයේ කටයුතු කළ වික්‍රමසිංහ, කථානායකවරයා ජුලි 15 දා ජනපති ගෝඨාභයගේ ඉල්ලා අස්වීම නිවේදනය කිරීමෙන් පසු වැඩබලන ජනපතිධුරයේ දිව්රුම් දුන්නේ ය.

ජනපතිධුරයට පත්වීමට පෙර සයවරක් අගමැති පදවියේ දිව්රුම් දී ඇති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැඩිම වාර ගණනක් අගමැති බවට පත්වූ තැනැත්තා ද වේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙන රනිල් වික්‍රමසිංහ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙනි.

දශක හතරකට අධික දීර්ඝ දේශපාලන ඉතිහාසයක් සහිත රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා දේශපාලනයෙහි වැඩිම නිල පදවි සංඛ්‍යාවක් දරා ඇති දේශපාලන චරිත කිහිපය අතරට එක්වෙයි.

(උපුටා ගැනීම්- BBC සිංහල)

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්