රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස හෙට (ජූලි 21)

උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ පිළිබඳව නිල වශයෙන් තහවුරු කර ගැනීමට අප උත්සහ කළ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවති අතර එහිදී රනිල් වික්‍රමසිංහ බහුතර ඡන්දයෙන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

ඡන්ද විමසීමේදී ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 134කි. ඩලස් අලහප්පෙරුමට ඡන්ද 82ක් ලැබුණු අතර අනුර කුමාර දිසානායක ලබා ගත්තේ ඡන්ද 3ක් පමණි.

ඒ අනුව, රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි ජනාධිපති ධූර කාලයේ මෙරට විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඡන්දයකින් තෝරා ගැනුණු පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ද ඔහු ඉතිහාසගත වනු ඇත.


අගමැති කවුද ?

fgdfgt
ආණ්ඩුවේ ආරංචිමාර්ග වලට අනුව අගමැති ධුරය සඳහා නම් කිහිපයක් යෝජනාවී ඇතැයි වාර්තාවේ. සභානායක දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, අමාත්‍ය විජේදාස රාජපක්ෂ හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ නම් එසේ කතාබහට ලක්ව ඇතැයි  පැවසේ.

තමා අගමැති ධුරය අපේක්ෂා කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත අද පස්වරුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවේ දැනුම් දී ඇතැයි ද පැවසේ.

ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන සුසිල් ප්‍රේමජයන්ත හා විජේදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීමේ පාර්ලිමේන්තු මෙහෙයුමේදී විශාල කාර්ය භාරය සිදුකර ඇතැයි වාර්තාවේ. 

 

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්