ඉදිරි නොවැම්බර 16 වන දිනට නියමිත ජනාධිපතිවරණය පැවැත්වීමේදී මැතිවරණ කොමිසම කෙතරම් අපක්ෂපාතී වනු ඇතිද යන්න ගැන ජනතාව අතර අතිශය වැදගත් හා බරපතල ප්‍රශ්නයක්

මතු වී ඇතැයි ප්‍රවීණ දේශපාලන විචාරකයකු මෙන්ම, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන කුසල් පෙරේරා පවසයි.

ඔහු විසින් ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට විද්‍යුත් තැපෑලෙන් අද (20) දින යොමුකර ඇති ලිපියක සඳහන් වේ.

විශ්‍රාමික ආරක්ෂක සේවා ප්‍රධානීන්නට අමතරව වත්මන් හමුදාපතිගේ ප්‍රකාශයක්ද යොදා සිංහල පුවත් පතක පල කෙරුණු මැතිවරණ ප්‍රචාරක දැන්වීම සම්බන්ධයෙන් ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඇල්මැරුණ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින් යොමුකර ඇති ලිපියෙහි පිටපත් මාධ්‍යවෙත ද යොමුකර ඇත.

එහි මෙසේ සඳහන් වේ.

සභාපති තුමනි, හමුදාපති සම්බන්ධ කෙරුණු මැතිවරණ ප්‍රචාරක දැන්වීම පිළිබඳවය විශ්‍රාමික ආරක්ෂක සේවා ප්‍රධානීන්නට අමතරව වත්මන් හමුදාපතිගේ ප්‍රකාශයක්ද යොදා සිංහල පුවත් පතක පල කෙරුණු මැතිවරණ ප්‍රචාරක දැන්වීම මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් මතු කළ බැව් අවිවාදිතය. එයට සමාජයේ පැන නැගුණු විරෝධය හමුවේ එය වරදක් බව ඔබ ප්‍රකාශ කළ අතර, ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ලෙස ඔබ ගත් එකම පියවර වූයේ හමුදාපතිගෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කරුණු විමසීම පමණි. 

එම ප්‍රචාරක දැන්වීම පිළිබඳව ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ඔවුන් දන්වා ඇතැයිද ඒ අනුව එම පැහැදිලි කිරීම් සහ හමුදාපතිගේ පැහැදිලි කිරීම ඔබ පිළිගන්නේ යැයි මෙම නොවැම්බර 20 වන ඉරිදා ප්‍රධාන ධාරාවේ ඉංග්‍රීසි පුවත් පතක සඳහන්ව ඇත. ඔවුන්ගේ නිදොස් බව පිළිගැනීමෙහි ප්‍රශ්නයක් නැත. එය කිසිවකු ප්‍රශ්න කරන්නේද නැත. එහෙත් එම ප්‍රචාරක දැන්වීමෙන් ඡන්දදායකයාට සිදුවූ බරපතල අගතියට ඉන් විසඳුමක් නොලැබෙන බව ඔබ හොඳාකාරව දැන සිටිය යුතුය. 

එනිසා එම ප්‍රචාරක දැන්වීම පළ කළ පුවත්පතටත් එය පළ කිරීම සඳහා පුවත්පතට දැන්වීම බාරදුන් පුද්ගලයාට හෝ පුද්ගල කණ්ඩායමට එරෙහිව වහා පියවර ගත යුතුව ඇත. 

ඒ සඳහා එකී දැන්වීම බාරදුන් පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම පිළිබඳව අදාල තොරතුරු පැය 24 ක් ඇතුළත මැතිවරණ කොමිසමට ලබා දෙන්නට යැයි පුවත් පත් හිමිකරුගෙන් ඉල්ලා සිටින්නට මැතිවරණ කොමිසමට බලයක් ඇත. 

එතෙක් එම පුවත් පතෙහි මැතිවරණ ප්‍රචාරක දැන්වවීම් පළ කිරීම අත්හිටු වන්නටත් මැතිවරණ කොමිසමට බලයක් ඇතැයි මම විශ්වාස කරමි. 

එවැනි පියවර කිසිත් නොගෙන හමුදාපතිගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිදොස් බව පිළිගනිමින් ප්‍රශ්නය එතැනින් තුනීකර අමතක කර දැමීමට ඔබගේ උත්සාහයක් ඇතැයි මම චෝදනා test35කරමි.

එය ඉදිරි නොවැම්බර 16 වන දිනට නියමිත ජනාධිපතිවරණය පැවැත්වීමේදී ඔබ හා මැතිවරණ කොමිසම කෙතරම් අපක්ෂපාතී වනු ඇතිද යන්න ගැන ජනතාව අතර අතිශය වැදගත් හා බරපතල ප්‍රශ්නයක් මතු කිරීමට හේතු වනු ඇත. 

එවැනි ප්‍රශ්න කිරීමක් සාධාරණය කිරීම සඳහා මීට ඉහතින්ද පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව ඔබගේ ප්‍රකාශ සහ තීන්දු හේතු වූ බැව් මතක් කරනු කැමැත්තෙමි. 

ඒ සම්බන්ධව මවිසින් 2019 ජනවාරි 19 වන දින ඔබ වෙත යොමු කළ ලිපිය වෙත නැවත ඔබගේ අවධානය යොමු කරමි. එයට මෙතෙක් ඔබගෙන් පිළිතුරු නොලැබුණු බවද මෙහි අවධාරණය කරමි. එබැවින් ඡන්දදායකයාට බරපතල අගතියක් සිදු කෙරුණු අනියමින් පල කෙරුණු මෙම මැතිවරණ ප්‍රචාරක දැන්වීම පිළිබඳව අදාල පුවත් පතට සහ ඊට වගකිව යුතු පුද්ගලයාට හෝ කණ්ඩායමට එරෙහිව වහා පියවර ගනිමින් ජාතික මැතිවරණ කොමිසමෙහි ස්වාධීනත්වය හා අපක්ෂපාතිත්වය සමාජය හමුවේ තහවුරු කරන මෙන් මෙයින් ඉල්ලමි. 

(English version is below this)

20 October, 2019
 
Chairman
National Elections Commission (NEC)
Election Secretariat
Rajagiriya.
 
Mr. Chairman
 
Re; election campaign advertisement published using statement by Army Commander
 
Most recently, a Sinhala newspaper carried a paid election campaign advertisement with statements from not only retired State Security Forces Officials but also from the present Army Commander as well. This no doubt raised serious questions over election campaigning.
 
With social protests mounting, you as Chairman NEC accepted it is wrong and the only step the NEC took regarding this advertisement was to ask for explanations from the Army Commander and the Sri Lanka Podujana Peramuna (SLPP). A leading mainstream English newspaper today (Nov 20) reported that you had accepted their explanations that said they have no connections to the advertisement.
 
Accepting the Army Commander’s and the SLPP explanations as valid raises no questions, nor have anyone questioned those explanations. Yet you are quite aware that does not remedy or rectify the grave damage done to the Voter. Therefore, immediate steps should be taken against the newspaper that published the said election advertisement and against the person or persons who handed over the advertisement and paid for same. The NEC has enough powers to request all relevant details within 24 hours from the Publisher of the newspaper about the person or persons who handed over the said advertisement. I believe the NEC also has powers to suspend all election campaign advertisements in the newspaper in question, till all details are provided to the NEC. Instead of resorting to such immediate steps, but accepting explanations from the Army Commander and from the SLPP only, I accuse, is an effort by you to reduce this to “another violation” and allow it to fade off.
 
This in a way would raise serious and important issues with the Voter about the integrity and independence of the NEC in conducting the next Presidential election on 16 November. Let me remind you, such questioning is justified with your position taken on the PC elections and public statements you made regarding same. With regard to PC elections, let me draw your attention to the letter I wrote to you on 19 January 2019 that still remains without any response from you.
 
In such uncertain context, I wish to request you to take immediate steps against the relevant newspaper and those responsible for this illegal election advertisement in establishing the integrity and independence of the NEC.
 
Thank you.
Yours sincerely,
Kusal Perera
Journalist / Political commentator

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්