1200 x 80 DMirror

සමගි තරුණ බලවේගයේ සභාපති ධු⁣රයෙන් මයන්ත දිසානායක ඉල්ලා අස්වී ඇතයි 'ලංකාදීප' වාර්තා කරයි.


ඉල්ලා අස්වීම පිළිබද ලිපිය සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත යොමුකළ බව මයන්ත දිසානායක පවසා තිබේ.

පක්ෂයත් සමග ඉදිරි කටයුතු කිරිම ගැන ඉදිරියේදී සාකච්ඡාවක් කරන බව ද මයන්ත දිසානායක වැඩිදුරටත් සඳහන් කරයි.

මයන්ත දිසානායක සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්විය.

ජනාධිපති තෝරාපත්කර ගැනීම සඳහා පැවති ඡන්දයෙන් සජබ සහය ලැබූ ඩලස් අලහප්පෙරුම ලද පරාජයත් සමග මේවනවිට සමගිජන බලවේගය තුල අභ්‍යන්තර මත ගැටුම් වර්ධනය වෙමින් තිබෙන බව වාර්තාවේ.

එම ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ විශාල ඡන්ද ගණනකින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසුයේ, සජබ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබාදුන් බවයි.




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය