1200 x 80 DMirror

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.



නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමත් සමග අභිනව ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් ද පිරිනැමී ය.  

පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි රනිල් වික්‍රමසිංහ පිළිගනු ලැබුවේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන විසිනි.

හය වරක් අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේ ප්‍රථම වතාවටයි.

rssd

(උපුටා ගැනීම - BBC සිංහල සේවය)

 

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඊයේ (20) පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මෙරට 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත්වූයේ, ඡන්ද 134 ක් ලබා ගනිමිනි.

පාර්ලිමේන්තු ඡන්දයෙන් විධායක ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ම දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ  ඉල්ලා සිටියේය.

ජනාධිපති ලේකම් ධුරයට සමන් ඒකනායක පත් කර තිබේ.


1994 සිට මේ දක්වා ලංකාවේ දේශපාලන නායකත්වය :

sasawwwqq

(උපුටා ගැනීම - BBC සිංහල සේවය)



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය