1200 x 80 DMirror

 
 


අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තේරීම සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් 134 දෙනෙකු රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දීමට ප්‍රධාන හේතුව අරගලය විසින් මන්ත්‍රීවරුන් තුළ ඇති කරන ලද

අනාරක්ෂිත මනස බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

 “දේශපාලන න්‍යායක්, අනාගත දැක්මක්, විචාරශිලී කියවීමක් කිසිවක් නොමැතිව” එම පිරිස අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත් කරගත් බව ඔහු සඳහන් කළේය.

අද (ජූලි 21) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

“අපිට ආරක්ෂාවක් නැහැ, ඒගොල්ලෝ හිතන්නේ එහෙම. ගෙවල් ගිනි තිබ්බා. ගමට යන්න බැහැ. එනවා ප්‍රචණ්ඩකාරී ලෙස පහර දෙන්න. ඔක්කොට ම කලින් මේ තත්ත්වය ඉවර කරන්න ඕන. මේක තමයි මන්ත්‍රීවරුන් 134 රනිල් වික්‍රමසිංහ මහත්තයට ඡන්ද දෙන්න බලපාපු ප්‍රධානතම හේතුව. ඒ මනස ඇති කළේ කවුද? අරගලය.

ඒ ගොල්ලො හිතනවා ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව ගිය වෙලාවේ පාර්ලිමේන්තුව වට කරන්න. සුනිල් හඳුන්නෙත්තිලා, ලාල් කාන්තලා කට්ටියක් එකතු වෙලා පාර්ලිමේන්තුව තවත් ජනාධිපති ලේකම් කාර්යාලය බවට පත් කර ගන්න, තවත් අරලිය ගහ මන්දිරයක් බව ට පත් කර ගන්න උත්සහ කරපු වෙලාවේ ඒකට ඉඩ නොදී හදිසි නීතිය ඇඳිරි නීතිය දාලා ආරක්ෂක අංශවලට නියෝග නිකුත් කරලා හොඳට ගැහුවේ රනිල් කියලා ඒගොල්ලෝ හිතනවා.

එහෙම රනිල් කෙනෙක් ඕන කියලා ඒගොල්ලෝ හිතනවා.

දේශපාලන න්‍යායක්, අනාගත දැක්මක්, විචාරශිලී කියවීමක් මොනවත් නැතුව කනේ කරාබු දාගත්තු රැවුල් කාරයෝ අරෙහෙ මෙහේ ලිබියාවේ මොක්කු ද වගේ කට්ටිය දාගෙන හෙන වීරයෝ වෙලා සුන්දර කතා කියලා ඔක්කොම ෆෝම් කරලා අන්තිමට ගෙනාවේ රනිල්.“


මසකින් හෝ දෙකකින් නැවතත් එය කරලියට පැමිණෙන බවත් එහිදී බටහිර රටවල් බලාපොරොත්තුවෙන් සිටින ලේ විල නිර්මාණය වන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.


එහිදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව මැදිහත් වන අතර එසේ නොවනහොත් ඉන්දියානු හමුදාව මැදහත් වනු ඇති බව කියා සිටි විමල් වීරවංශ, වැඩිදුරටත් සඳහන් කළේ, සර්ව පාක්ෂික ආණ්ඩුව හෝ අන්තර් කාලීන ආණ්ඩුව යෝජනා කළේ එය වළක්වාලීම සඳහා බව ය.

“නමුත් ඒක ජයග්‍රහණය කිරීමට බැරි වෙනවා. අවසානයේ අපි ඉන්නේ ඉතා භයානක නුදුරු අනාගත වියවුලක පාමුල.”

 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා