ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක ජයග්‍රහණය කරවීම සඳහා එක්වන්නැයි ප්‍රේමකීර්ති ද අල්විස් කලාකරුවාගේ බිරිඳ නිර්මලා ද අල්විස්, සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරයි.

නිර්මලා ද අල්විස් මේ බව සඳහන් කර සිටියේ අද (20) කොළඹ මහජන පුස්ථකාල පරිශ්‍රයේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති කාන්තා සමුළුවට එක්වෙමිණි.

ගුවන්විදුලි නිවේදකයෙකු, ගීත රචකයෙකු මෙන්ම මානවවාදී මාධ්‍යවේදියෙකුද වන ප්‍රේමකීර්ති ද අල්විස්ව මරා දැමුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් නොවේ යැයි තමා කියාසිටියදීත් ජවිපෙ එයින් ප්‍රයෝජන නොගෙන නිහඬව සිටි බවත් එයින් පෙන්නුම් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ තිබෙන විනීත ගුණය බවත් ඇය අවධාරණය කළා ය. 

මෙම වීනීත, නිහතමානී මිනිසා දිනවීමට ඈත ගම්දනව් සිසාරා තම හඩ රැගෙන යන ලෙසත් නිර්මලා ද අල්විස් එම සමුළුව අමතමින් ප්‍රකාශ කළා ය.

මෙම කාත්තා සමුළුවේදී ජාතික ජන බලවේගයේ කාන්තා ප්‍රතිපත්තිය එලිදැක්වීම සිදු කරන ලදී.
nirmala 800

 ඉතිහාසය විසින් නිදොස් කොට නිදහස් කිරීමක් ....

නිර්මලා ද අල්විස් විසින් මෙසේ අද දිනයේ සිදුකළ ප්‍රකාශය රුෂෙල් CP බණ්ඩාරවත්ත සිට FB පිටුවේ සටහන් කර ඇත්තේ මෙසේය.
72621335 139781234017248 4225437547913805824 n

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්