දිනේෂ් ගුණවර්ධන හෙට (22) පෙරවරුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ

නව රජයේ අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.

ඔහු මේ වනවිට පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේ කටයුතු කරයි.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට දිනයේ දී සිදු කිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව මෙම දිවුරුම් දීමේ උත්සවය හෙට පෙරවරු 9.00ට කොළඹ, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කල පසුගිය කැබිනට් මණ්ඩලයේ කිහිප දෙනෙකු හැර අනෙකුත් සාමාජිකයින් යළි කැබිනට් මණ්ඩලයට පත්කිරීමට නියමිත බව පැවසේ.

 එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ අලි සබ්රි විදේශ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

මිට ඉහතදී විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කලේ කටයුතු කළේ, පොහොට්ටු පක්ෂයේ සභාපති  මහචාර්ය ජී. එල්. පිරිස් ය. නව ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා  20 වෙනිදා පැවති පාර්ලිමේන්තු ඡන්දයේදී පොහොට්ටු පක්ෂය විසින් නිල වශයෙන් යෝජනා කල වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඔහු විසින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළේය.

කෙසේවුවද හෙට දිනයේ දිවුරුම් දෙන කැබිනට් මණ්ඩලය තාවකාලික කැබිනට් මණ්ඩලයක් ලෙස සැලකෙන අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් අතර එකඟත්වයක් ඇතිවූ වහාම ඒ අනුව ඊට අදාල කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයා එකඟතාවය පළකර ඇතැයි පැවසේ.

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්