ගාළුමුවදොර ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බව අරගලයේ පාර්ශ්වකාර සංවිධානයක් වන Black Cap Movement පවසයි. ඒ, මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
රනිල් වික්‍රමසිංහ අභිනව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව අරගලකරුවන් විසින් අත්පත්කරගෙන තිබූ ගොඩනැගිලි අතරින් සංකේතාත්මකව අද දින (22) අත් හැරීමට නියමිතව තිබිණ.
නමුත් තත්ත්වය එසේ තිබිය දී දැඩි මර්දනකාරී ලෙස ජනාධිපති ලේකම් කාර්‍යාලයට අවට භූමියට බලය පැතිර වීමට ඊයේ මධ්‍යම රාත්‍රියේ කටයුතු කරනු ලැබීය.
එහිදී නිරායුද සහ සාමකාමී අරගල කරුවන්ට පමණක් නොව මාධ්‍යවේදීන් වෙතත් නිර්ලැජ්ජිත ලෙස පහරදීමටත්, පැහැරගෙන යාමටත්, අත් අඩංගුවට ගැනීමටත් කටයුතු කළේ ත්‍රස්තවාදී ක්‍රියාපිලිවෙතකිනි.
මෙම ප්‍රහාරයේ පූර්ණ වගකීම අභිනව ජනාධිපතිවරයා විසින් ඍජුව දැරිය යුතු බවද, මේ පිළිබඳව ජාත්‍යන්තර මැදිහත් වීමක් සහිත පරීක්ෂණයක් සිදුකළ යුතු බව ද අරගලයේ පාර්ශවකාරී කණ්ඩායමක් ලෙස Black Cap Movement අපි පැහැදිලිව අවධාරණය කරමු.
https://theleader.lk/news/12604-2022-07-22-03-55-01#sigProIdc90eb7f9af
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.