ජනාධිපති ලේකම් කාර්යාලය අවට ගාලු මුවදොරහි සිටි විරෝධතාකරුවන්ට අද (22) අලුයම කළ පහර දීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ගාලු මුවදොරට පිවිසෙන මාර්ග අවහිර කරමින් හමුදා නිලධාරීන් සහ පොලිසිය සිය ගණනක් මහජනතාවට එම ප්‍රදේශයට ඇතුළුවීම වළක්වා ඇති බව පෙනෙන්නට තිබුණි බව ද නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එම ප්‍රදේශයට ඇතුළුවීමට උත්සාහ කළ නීතීඥවරුන් කිහිපදෙනකුම බලධාරින් විසින් වළකා ඇති බව කියන නීතිඥ සංගමය, තම වෘත්තීය මට්ටමින් මැදිහත් වීමට උත්සාහ කළ නීතීඥවරුන් අවම වශයෙන් දෙදෙනෙකුට හමුදා නිලධාරීන් විසින් පහර දී ඇති බවට දන්වා ඇතැයි ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මඟින් සඳහන් කරයි.

නිරායුධ සිවිල් වැසියන්ට ආරක්ෂක අංශ විසින් පහර දෙන අයුරු ද වීඩියෝ දර්ශනවල දැක්වෙන බව අදාළ නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ "සියලු දෙනාගේම ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුත්තන් බැදී සිටිය යුතු බවත්, අනවශ්‍ය ලෙස කුරිරු සහගත ලෙස බලය යොදා ගැනීමෙන් මේ රටට සහ එහි ජාත්‍යන්තර ප්‍රතිරූපයට යහපතක් නොවන බවයි".

SP

ගාලු මෝදර සිද්ධියට එතෙර කනස්සල්ලෙන්



ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ආරක්ෂක අංශ අද(22) අලුයම ගත් ක්‍රියා මාර්ගය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි කණසල්ලට හේතු ඇත.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් සහ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරිය වන සාරා හල්ටන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කණස්සල්ල පළ කළහ.

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව අද(22) අලුයම ගත් ක්‍රියා මාර්ගය හේතුවෙන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

සංයමයෙන් කටයුතු කරන ලෙසත් තුවාල ලැබූවන් සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ජුලී චන්ග් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

julie 22

ගාලු මුවදොරින් ලැබෙන වාර්තා පිළිබඳ බ්‍රිතාන්‍ය දැඩි අවධානයෙන් සිටින බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ප්‍රකාශ කළාය.

සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය පිළිබඳ බ්‍රිතාන්‍ය දරණ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ඇය වැඩි දුරටත් පැවසුවාය.


(lankadeepa.lk)

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්