හමුදා භටයන් විසින් පැහැරගත් ගත් මාධ්‍යවේදීන් වන කසුන් කුමාර හා චතුරංග ප්‍රදීප් දෙදෙනා පහරදී මහමග දමා ගොස් සිටියදී හමු වී ඇත.
කොල්ලුපිටිය සිනමන් හෝටලය ආසන්නයේදී සන්නද්ධ භටයන් විසින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඔවුන් කිසිදු පොලිස් ස්ථානයකට භාරදී නැති බව වාර්තා විය. පසුව කළ සොයාබැලීමකදී ඔවුන් අමානුෂික ලෙස පහර එල්ල කර මහමග දමා ගොස් ඇති බව වාර්තා විය.
මේ වන විට සන්නද්ධ හමුදා සාමාජිකයන්ට පොලිස් නිලධාරින් නොමැතිව සිවිල් වැසියන් අත්අඩංගුවට ගැනීමට හැකිවන ලෙස හදිසි නීතිය බලාත්මක කර තිබේ.
දෙදෙනෙක් අතුරුදහන් ! ඔවුන් කොහෙද කියන්න? -නීතිඥවරු පොලිසියෙන් අසයි
කසුන් කුමාර හා චතුරංග ප්‍රදීප් යන මාධ්‍යවේදීන් දෙදෙනා පැහැරගැනීම හා අතුරුදන්වීම සම්බන්ධයෙන් නීතිඥයින් පිරිසක් අද උදැසන ගාලුමුවදොර අරගල භුමියේ ආරක්ෂක කපොලු අසලට පැමිණ ආරක්ෂක අංශ බලධාරීන් ගෙන් ඒ පිළිබඳව විමසීමක් කළේය.
මේ රටේ සියලුම ජනතාව තමන්ගේ අයිතීන් සම්බන්ධව ප්‍රශ්න කරද්දී ඉදිරියට පැමිණි පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති පරිසරයක නීතිඥවරුන් ලෙස තමන් විමසන දෙයට පිළිතුරු දීමට හැකි එක් නිලධාරියෙක් හෝ නොසිටීම බලවත් ගැටලුවක් බව නීතිඥවරු එහිදී ගෝල්ෆේස් අරගල භූමියට මැදිහත් වූ හමුදා අංශවලට පැවසූහ.
“ ජනතාවගේ අයිතීන් සහ ජනතාව සමග සෙල්ලම් කරන්න එපා. මේ වැඩේ කරන්න එපා. ඔබේ ඔය නිහැඬියාව අපට ලොකු ප්‍රශ්නයක්. පුද්ගලයින් දෙන්නෙක් අතුරුදහන්… ප්රශ්නය එයයි.“
“ඔබ අපට කියන්න. ඒ අය අත්අඩංගුවට ගත්ත ද?. පොලිසියට ඉදිරිපත් කරනව ද?. කරුණා කරලා කියන්න. මෙහෙම නිශ්ශබ්දව ඉන්න එක ඔබට ඔබේ නිල ඇඳුමට කරන අගෞරවයක්. “
නීතිඥ චාමර ජයසිංහ හමුදා ප්‍රහාරයකින් තුවාල ලබයි
ගාලුමුවදොර අරගල බිමේ ප්‍රහාරය හමුවේ අරගලකරුවන්ට නීති ආධාර සැපයීම පිණිස එහි යාමට සූදානම් වූ නීතිඥ චාමර ජයසිංහට සන්නද්ධ භටයන් විසින් පහරදී ඇත.
මීගමුව නීතිඥ සංගමයේ සාමාජිකයකුවන ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,