ගාලුමුවදොර සාමකාමී විරෝධතාවයේ යෙදුන අරගලකරුවන්ට එල්ලකළ අමානුෂික, සාහසික ප්‍රහාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් කැඳවා නීතීය
ක්‍රියාත්මක කරන ලෙස රනිල් වික්‍රමසිංහ රජයට බල කිරීමට පෙළ ගැසෙන්නැයි කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ජාත්‍යාන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිති.
ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට යැයි පවසමින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත්ව පැය 24ක් යන්නටත් මත්තෙන් ජනතාවගේ ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් කඩකර ඇති ඇති බවත්, අරගලකරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
ජනාධිපති කාර්යාලය අසලින් අද (22) ඉවත්වන බවට අරගලකරුවන් ප්‍රකාශ කර තිබියදීත් එල්ල කරන ලද මෙම ප්‍රහාරය හේතුවෙන් අනාගතයේදී කිසියම් අනර්ථකාරී ක්‍රියාවක් සිදුවුවහොත් ජනාධිපතිවරයා ඒ සියල්ලට වගකිව යුතු බව ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.
මෙම අවස්ථාවේ අපමණ දුක් පීඩාවන්ට ලක්ව සිටින අහිංසක ජනතාව හා සාමකාමී විරෝධතා පොලිස් හා හමුදා බලය යොදා මර්දනය කිරීම වහා නවතා දමන්නැටි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ කීහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි අගරදගුරු මැදුරේදී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ගාලුමුවදොර පිටියේ හා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රදේශයේ නිරායුධ, කිසිඳු ප්‍රචණ්ඩත්වයකින් තොරව හා ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධතාවයේ යෙදී සිටි අරගලකරුවන් වෙත රාත්‍රී නින්දේ සිටි අවස්ථාවේ දී එල්ල කළ ව්‍යවස්ථා විරෝධී මිලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ස්වාධීන හා විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදුකර එයට පණදුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලකරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කරන බව ද කාදිනල්තුමෝ පැවසූහ.
සෝභිත හිමි ගෝඨාගේ හොඳක් දකී
''ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම නින්දිතයි කෘරයි. එය තරයේ හෙලා දකිනවා. මේ අයුරින් අරගලය මැඩ පවත්වන්න ගෝඨාභය රාජපක්ෂටත් හැකියාව තිබුණා නමුත් ඔහු එසේ කලේ නැහැ ''යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.
මේ වනව්ට නව ජනාධිපතිවරයා දිවුරුම් දී පැය 24 ඉක්ම යමින් පවතිනවා. නමුත් මේ දක්වා ජාත්‍යන්තරයෙන් නිසි පිළිගැනීමක්වත් එක්කර නැහැ.
පසුගියදා ජාත්‍යන්තරයෙන් රජයට දන්වා තිබුනා මහජන අරගල අවි බලයෙන් මැඩ පවත්වන්න ඉඩ තියන්න එපා කියලා. රජයට අවවාදත් ලබාදිලා තිබුණා. එවැනි අවස්ථාවක නිරායුද ප්‍රජාත්‍රන්තවාදීව ඉල්ලීම් ඉල්ලන අරගලකරුවන්ට ආයුද සන්නද්ධ හමුදා පිරිස් මහ රාත්‍රියේ ත්‍රස්තවාදී පිරිසක් මැඩ පවත්වන ආකාරයෙන් පහර දීම නින්දිතයි.
මේ අයුරින් ජන අරගලය මැඩ පවත්වන්න ගෝඨාභය රාජපක්‍ෂ මහතාටත් හැකියාව තිබුණා. නමුත් එතුමා එහෙම කළේ නැහැ. නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂටත් වඩා දරුණු තීරණ ගන්නා කෙනෙක්ද කියලා රටට අවබෝධයක් ලැබෙනවා.''
''රනිල්ට ජනාධිපති ලෙස දවසක්වත් වැඩ කරන්න අපි දෙන්නේ නෑ.'' -වසන්ත මුදලිගේ
රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධූරයේ වැඩ කිරීමට ඉඩ නොදෙන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසයි.
ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයකින් ඔහු ධූරයෙන් ඉවත් කිරීමට සටන් වදින බව වෘත්තීය සමිති නායකයෝ ද පැවසුහ.
ජනාධිපති ලේකම් කාර්යාලය අසළ සිටි අරගලකරුවන් පළවා හැරීමට හමුදාව කළ පහරදීමට සහ අත්අඩංගුවට ගැනීමට එරෙහිව කොළඹ, කොටුව දුම්රිය ස්ථානය අසළ සහ ගාල්ලේ අද විරෝධතා පැවැත්වුණි.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.