කොටි සංවිධානය නැවත පණ ගැන්වීමට උත්සාහ කළ බවට රජය විසින් එල්ල කරන ලද

චෝදනාවලින් යාපනයේ නගරාධිපති නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පියවර ගෙන තිබේ.

නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් චෝදනාවලින් නිදොස් කර නිදහස් කළ යාපනය මහේස්ත‍්‍රාත්වරයා ජුලි 20 වැනි  බදාදා වැඩි දුරටත් නියෝග කර ඇත්තේ ඔහුට එම චෝදනාවට ලක්වීමට හේතු කොටගත් නගර සභා සේවකයන්ගේ නිල ඇදුම් ද ආපසු  නගර සභාවට භාර දෙන ලෙසයි.

අධිකරණ තීන්දුව "යුක්තියේ ජයග්‍රහණයක්, අපේ අරගලයේ ජයග්‍රහණයක්" ලෙසින් නගරාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්විය.

එල්ටීටීඊයේ පොලිස් භටයන්ගේ නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් යුත් පස් දෙනකුගෙන් සමන්විත නාගරික සිවිල් අධීක්ෂණ කණ්ඩායමක් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් නගරාධිපතිට චෝදනා එල්ල වි තිබුනි.

kjhb

කොටි සංවිධානය නැවත සංවිධානය කිරීමේ චෝදනා  යටතේ 2021 වසරේ අප්‍රේල් මාසයේදී අත් අඩංගුවට ගෙන පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) විසින් පැය කිහිපයක් තිස්සේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබුනි.

යාපනය මහ නගර සභා කොමසාරිස්වරයාගේ පැමිණිල්ලක් මත පරීක්ෂණයක් කිරීම සඳහා විශ්වලිංගම් මනිවන්නන් සහ යාපනය මහ නගර සභාවේ සාමාජික වර්ධරාජා පාර්තීපන් 2021 අප්‍රේල් මස 8 වැනි  බ්‍රහස්පතින්දා රාත්‍රී 8 ට යාපනය පොලිසියට කැඳවා තිබුණි.

මෙම පරීක්ෂණය පසුවදා එනම් සිකුරාදා (අප්‍රේල් 9) අලුයම 2 දක්වා ඇදී ගොස් තිබුනි.

එහිදි ඔහුට එරෙහිව එල්ල කර තිබු  චෝදනාව වන්නේ “එල්ටීටීඊයේ පොලිස් කොට්ඨාශයේ සාමාජිකයන් සැරසී සිටි නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් යුත් පස් දෙනකුගෙන් යුත් නාගරික සිවිල් අධීක්ෂණ කණ්ඩායමක් සේවයේ යෙදවීම” යි.

නගරාධිපතිවරයා කියන පරිදි, මේ  කණ්ඩායමේ කාර්යභාරය වී තිබුනේ යාපනය නගරයේ නඩත්තු කටයුතු සහ වාහන ගමනාගමනය නියාමනය කිරීමයි.

යාපනය නගරාධිපති විසින් මේ අයට පත්වීම් ලබා දී තිබුනේ ද තාවකාලික පදනමිනි.

ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර පැවති මාධ්‍ය හමුවකදී කියා තිබුනේ කුණු කසළ බැහැර කිරීම, දඩ මුදල් එකතු කිරීම, කොරෝනා වෛරස් රෙගුලාසි උල්ලංඝනය කිරීම වැනි දේ අධීක්ෂණය කිරීම යාපනයේ  සිවිල් අධීක්ෂණ බලකායේ රාජකාරිය බවයි.

2022 වසරේ ජුලි 20 වැනි බදාදා නඩුව කැදවු අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ මෙම නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවයි.


සබැඳි  පුවත් :

යාපනේ පුරපතිට කොටි චෝදනා නැගීම 'පැසිස්ට්වාදය මිස වෙන මුකුත් නොවේ'

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 


 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්