උද්ගතව තිබෙන ආහාර හිඟයට පිළියමක් ලෙස ආණ්ඩුව දියත් කර තිබෙන

කෘෂි කර්මාන්ත වැඩසටහනට මුඩු ඉඩම් ලබා දීම ප්‍රමාද කරන බව වතු සමාගම් වලට චෝදනා එල්ල වී තිබේ.

වතුකරයේ පවතින මුඩු ඉඩම් කෘෂි වගා සඳහා වතු තරුණ තරුණියන් අතර බෙදා දෙන ලෙස ආණ්ඩුව උපදෙස් දී ඇතත් වතු පාලකයෝ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවන බවට එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ රාජ්‍ය ඇමැතිවරයකු වූ වී. පුත්‍රසිගාමනි පවසයි.

''රට මුහුණ දීලා තියෙන ආර්ථික හා ආහාර අර්බුදයෙන් ගොඩ එන්න කෘෂි වගා වර්ධනය කරන්න ඕනේ කියලාත්, ඒකට වතු වල තියෙන මුඩු ඉඩම් තරුණ තරුණියන් අතරේ බෙදා දෙන්න කියලත් පාර්ලිමේන්තුවේ පවා හඬ නගා තියෙනවා. මේක හොඳ වැඩක් ඒත් ඒකට තියෙන බාධකය තමයි මේ වතු සමාගම් පාලකයෝ.''

''මුඩු ඉඩම් වගාවට දෙනවා තියා වතු කම්කරුවෙකුට පොල් අතු මඩුවක්වත් අටවා ගන්න වතු පාලකයෝ ඉඩ දෙන්නේ නැහැ.''


හිටපු රාජ්‍ය ඇමැති පුත්‍රසිගාමනි කඳුරට මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ වතු කම්කරුවන් වෙනුවෙන් වැඩි කළ රුපියල් 50 ක මුදල ලබා දීමට මැලි වූ වතු සමාගම් පාලකයෝ මුඩු ඉඩම් ලබා දෙනු ඇත්දැයි සැක මතු වන බවයි.

''වතුකරයේ රැකියා අහිමිව සිටින දහස් ගණනක් වූ තරුණ තරුණියන්ට වගාවක් කරගන්න මේ මුඩු ඉඩම් කැබැල්ලක් ලබා දෙන්න ආණ්ඩුව සෘජුවම මැදිහත් වෙන්න ඕනෑ,'' යැයි ඔහු ඉල්ලිමක් කරයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටිය දී වතුකරයේ මුඩු ඉඩම් කෘෂි කර්මාන්තයට හා සත්ව පාලනයට වතු තරුණ තරුණියන් අතර බෙදා දෙන බවට දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායකයන්ට පොරොන්දු වී තිබිණි.

 
 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 


 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image