එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන පත් කරනු ලැබ තිබේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එජාපය ට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය.
වජිර අබේවර්ධනගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කොට ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව එජාප මහලේකම් පාලිත රංග බණ්ඩාර පැවසීය.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා පසුගිය 20 වෙනිදා පාර්ලිමේන්තුව තුළ පැවති ඡන්දයෙදී ඒ සඳහා ඉදිරිපත්වූ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන විශාල කාර්යභාරයක් ඉටුකර තිබිණ.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.