මහජන සාමය කඩවන ලෙස සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා වන අයුරින්

කටයුතු කරන්නේ නම් එවැනි අවස්ථාවලදී මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිවිට පසුබට නොවන බව පොලිසිය අවධාරණය කර සිටියි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත්කළ නිවේදනයක එබව සඳහන් වේ.

'ජනාධිපති ලේකම් කාර්යාලය තුළ රැඳී සිටි නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ඉවත් කිරීමට කටයුතු කිරීම' යන ශීර්ෂයෙන් යුතුව නිකුත්කර ඇති එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ සඳහන් වේ.

''ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති විරෝධී ලෙස රැඳී සිටි පිරිස ජුලි 22 වන දින අලුයම කාලයේ දී ඉන් ඉවත් කිරීම ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් සිදු කරන ලදී.

එම අවස්ථාවේ එහි රැඳී සිටි පිරිස් ගොඩනැගිල්ලෙන් පිටතට ගැනීමට කටයුතු කරන ලද අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපස ප්‍රධාන දොරටුව හා එම දොරටුවට බාධා කරමින් අවට රැඳී සිටි පිරිස ද එම ආකාරයටම ඉවත් කිරීමට කටයුතු කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයට බාධාවක් වන ආකාරයෙන් පදිකවේදිකාවේ තාවකාලිකව ඉදි කර තිබූ කූඩාරම් ද ඉවත් කිරීමට කටයුතු කරන ලද අතර, මෙහිදී සැකකරුවන් නවදෙනෙකු අත්අඩංගුවට ගැනීමටද සිදුවිය. 


සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇති වීඩියෝවකි.  


මෙම විරෝධතා කරුවන් පිරිස ජුලි 09 වන දින සිට ජනාධිපති ලේකම් කාර්යාලය තුළ රැඳී සිටිමින් එය ඔවුන්ගේ පරිශ්‍රයක් බව හඟවමින් එම ස්ථානයට යන ආරක්ෂක නිලධාරීන්ට පවා බාධා කරමින් පරිභව කරමින් කටයුතු  කළ අතර පොලිස් නිලධාරීන් පවා ඔවුන් සිටින ස්ථානවලට ගිය අවස්ථාවලදී එම නිලධාරීන් ද ඔවුන් සිටි ස්ථාන වලින් ඉවත් වන ලෙසට දැනුම් දෙන අවස්ථා දක්නට තිබිණි.

නමුත් මෙම විරෝධතාකරුවන් රාජ්‍ය පාලනයේ දී ඉතාම වැදගත් මෙන්ම භාරදූර කාර්යයක් ඉටු කරන කාර්යාල පද්ධතියක් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන තිබුණි.

රටේ මහජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා විවිධ තීන්දු තීරණ ගනු ලබන කාර්යාල පද්ධතියෙන් සාමකාමීව ඉවත්වන ලෙසට අදාළ නීත්‍යානුකූල බලධාරීන් අවස්ථා කීපයකදී ඉල්ලා සිටිය ද නොයෙකුත් විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් ඔවුන් විසින් ම විවිධ දින වකවානු නියම කරමින් මෙම ස්ථානයේදී රැඳී සිටීමට උත්සාහ කරන බව ආරක්ෂක අංශයන් වෙත නිරීක්ෂණය විය.


කෙසේ වුවද ජුලි 14 වන දින කොළඹ මධ්‍යම කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා, කොළඹ මධ්‍යම දිස්ත්‍රික් iii භාර සහකාර පොලිස් අධිකාරීවරයාත් ජුලි 18 වන දින නැවත වරක් කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත්, කොළඹ මධ්‍යම දිස්ත්‍රික් iii භාර සහකාර පොලිස් අධිකාරීවරයාත්, කොටුව වැඩබලන පොලිස් අධිකාරිවරයාත්, විරෝධතාකරුවන් හමුවී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සාමකාමීව ඉවත් වන ලෙසට ඉල්ලා සිටි අතර, එම අවස්ථාවලදී ඉවත්ව යාම ප්‍රතික්ෂේප කරමින් ආවේගශීලීව ජේෂ්ඨ නිලධාරීන් වෙත ප්‍රතිචාර දක්වා තිබුණි.

 

 

එම ගොඩනැගිල්ල තුළ තිබෙන වටිනා රජයට අයත් දේපළ හා ලියකියවිලි වලට හානි සිදුවන බව තවදුරටත් නිරීක්ෂණය වෙමින් තිබූ අතර, එම පිරිස ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට පවා සාමයට ලැදි ජනතාවගෙන් චෝදනා එල්ල වී තිබුණි.

 සියලු තත්ත්වයන් සලකා බැලීමෙන් පසු වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයක් නොතිබූ බැවින් මේ ආකාරයට විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කරන ලද අතර විරෝධතාවයේ යෙදීමට අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසියකුට ලබා දී ඇති අයිතිවාසිකම් වල සීමාවන් හැඳිනගෙන නීත්‍යානුකූලව හා සාමකාමීව විරෝධතාවයේ දෙන ලෙසට ඔවුන්ට දැනුම් දෙන ලදී.

 තර්ජනය කරමින් බලපෑම් කරමින් ප්‍රචණ්ඩත්ව හෝ කළහකාරිත්වය මුදා හරිමින් මහජන සාමයට බාධා හා හිරිහැර වන අයුරින් කටයුතු කළහොත් මහජන සාමය පවත්වා ගැනීම සඳහා හිත එරෙහිව නීත්‍යානුකූලව ක්‍රියා කිරීමට සිදුවන බවද අවධාරණය කරන ලදී.

එසේම විරෝධතාවය දැක්වීමේදී අන් අයගේ මතයන්ට ද ගරු කරමින් රාජ්‍ය දේපල ආරක්ෂා වන ආකාරයට කටයුතු කළ යුතු වන අතර එසේ නොවන අවස්ථාවන් වලදී නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මැදිහත් වනු ඇත.

 මෙම විරෝධතාකරුවන් ඉවත් කිරීමේ දී ද ප්‍රති විරෝධතා දැක්වූ විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා යම් ක්‍රියාමාර්ග ගැනීමට ආරක්ෂක නිලධාරීන්ට සිදුවූ අතර නීත්‍යානුකූලව කටයුතු කරන්නේ නම් කිසිදු විරෝධතාකරුවෙකුට එරෙහිව බලය පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවේ.

 යම් ස්ථානයකට ඇතුළුවීම සෝදිසි කිරීම අත්අඩංගුවට ගැනීමට සාමාන්‍ය නීතිය යටතේ පොලිස් නිලධාරීන්ට අවශ්‍ය පරිදි බලය පැවරි ඇති අතර වර්තමානයේ පවතින හදිසි නීති රෙගුලාසි යටතේ පොලිස් නිලධාරීන්ට මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ද එම බලය පැවරී ඇත.

 ඒ අනුව ආරක්ෂක අංශ නිලධාරීන් ඔවුන් වෙත පැවරී ඇති නෛතික බලතල ප්‍රකාරව එසේ නීති විරෝධීව රැඳී සිටි නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය කළ යුතුය අවධාරණය කළ යුතුය.

පොලිස් නිලධාරින් විසින් මෙම විරෝධතා කරුවන් අතරට ගිය අවස්ථා ගණනාවකදී නිලධාරීන්ට හිරිහැර හා බාධා වන ලෙසත් අපහසුතාවයට පත් වන ලෙසටත් හා පරිභව කරන අවස්ථාවන්ද සිදුව ඇත.
 

 
පොලිසිය යනු සමාජයේ නීති ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන ආයතනයක් වන අතර එයට අභියෝග කිරීම තුළ සමස්ත සමාජයේ ම නීතිය ක්‍රියාත්මක කිරීම අභියෝගයට ලක් වේ ඒ තුල සාමය අගයන නීතිගරුක පුද්ගලයන්ට අගතියක් සිදු වන අතර ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවගෙන් පොලිසිය නිරන්තරයෙන් ඉල්ලා සිටින්නේ විරෝධතා දැක්වීම සාමකාමීව දක්වන ලෙස සහ නීතිය රාමුව තුළ කටයුතු කරන ලෙසත්ය.

 අන් අයගේ අයිතිවාසිකම් වලට බාධා වන අයුරින් ප්‍රචණ්ඩකාරී හා කලහකාරී විරෝධතාවයන් වල යෙදීම නිසා මහජන සාමය කඩවන ලෙස සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බාධා වන අයුරින් කටයුතු කරන්නේ නම් එවැනි අවස්ථාවලදී මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිවිට පසුබට නොවන බවට සඳහන් කරමි.


xdgr44සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පොස්ටුවක්..

මේ අතර පොලිස් මුලස්ථානය පවසන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් තිදෙනෙකු මත්ද්‍රව්‍ය පාවිච්චිකර සිටිබව අධිකරණ වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි.

xdftret

 

 

0001

0002

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 


 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්