කොළඹ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට ඊයේ (22) සවස ජනාධිපති කාර්යාලයට ආරාධනා කළ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය මුදාගැනීමට ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුම සම්බන්ධයෙන් ඔවුන් විසින් නිකුත් කර ඇති ප්‍රකාශ පිලිබනද්ව සිය නිල නොවන කනස්සල්ල පල කර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාල බල ප්‍රදේශයෙන් විරෝධතාකරුවන් ඉවත් කිරීමට සිදු කළ හමුදා මෙහෙයුම් පිළිබඳව ජනාධිපතිවරයා විසින් රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කළ බවත්  ඉදිරියේ දී   ප්‍රකාශ නිකුත් කරන විට  කරුණු පැහැදිලි කර ගැනීම සඳහා බලධාරීන් සමඟ සම්බන්ධවන ලෙසත්  රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලා  සිට ඇත.

පොලිස්පතිවරයා සහ විදේශ අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගි වූ එම සාකච්ඡාවේදී ජනාධිපති වික්‍රමසිංහ, සිය රටවල ජනාධිපති කාර්යාලය නීති විරෝධී ලෙස විරෝධතාකරුවන්ට අත්පත් කරගත හැකි දැයි සැහැල්ලූ ස්වරයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකුගෙන් විමසා ඇත.

හෙතෙම ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ ඉදිරියේදී ප්‍රකාශ නිකුත් කරන්නේ නම්, සමාජ මාධ්‍යවල ඇති දේ ගැන පමණක් පදනම් නොවන ලෙසය. ඕනෑම දෙයක් විමසා   පැහැදිලි කරගැනීමට හැකි බවය.

හමුදා ක්‍රියාන්විතය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කළ ජනාධිපති වික්‍රමසිංහ, අධිකරණ නියෝගයක් නොතකා විරෝධතාකරුවන් දිගින් දිගටම එම ප්‍රදේශය අල්ලාගෙන සිටින බවත් ඔවුන් දිගින් දිගටම නීති විරෝධී ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින බවත් දන්වා ඇත.

ඊයේ පෙරවරු 6 වන විට විරෝධතාකරුවන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දන්වා තිබූ නමුත් විරෝධතාකරුවන් එය ප්‍රතික්ෂේප කර විකල්ප වේලාවක් ලබා දුන් බවත් එය බලධාරීන් විසින් පිළි නොගත් බවත් ඔහු ඔවුන්ට දන්වා සිටියේය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මිත්‍ර ජාතීන්ගෙන් සහය අවශ්‍යව ඇති අවස්ථාවක, සමාජ මාධ්‍ය වාර්තා පදනම් කරගෙන කරන ප්‍රකාශවලින් පමණක් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හානි සිදුවිය හැකි බැවින්,  ප්‍රකාශ නිකුත් කිරීමේදී අදාළ නිලධාරීන් සමඟ පරීක්ෂා කර බලන ලෙස ද ජනාධිපති වික්‍රමසිංහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

 
ඇමැරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල බේරා ගැනීමටද මෙම ආකාරායේ හමුදා මැදිහත්වීමකින් බව පැවසු ජනාධිපතිවරයා, තමාගේ නිවසද ගිනි තැබූ බවත් කිසිවෙකු ඒ වෙනුවෙන් කිසිවෙකුත් ට්වීටර් පණිවිඩ හෝ නිකුත් නොකළ බවද පැවසීය.

මේ දැක්වෙන්නේ අරගලකරුවන් සහ පොලිසිය අතර ප්‍රහාාරයට පෙර ඇති වුණ සංවාදයයි….
 

 
(ඩේලි මිරර් ඇසුරෙන් lankasara.com)

 
''අපට උපදෙස්දෙන ඇතැම් රටවල පොලිසිය විරෝධතාකරුවන් සුරතල් කරන්නේ නැහැ'' යන ශීර්ෂයෙන් යුතුව ඊයේ සහ අද දෙදින පුරා සමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මක විරෝධතාවයක් දියත්වෙමින් තිබේ.


 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 


 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්