ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ඩලස් අලහප්පෙරුමට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්

කණ්ඩායම ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

එම කණ්ඩායමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහසය දෙනෙකු පමණ ඇතුළත් වන බව ද පැවසේ.

ඩලස්අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට මහාචාර්ය ජී එල් පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ට අමතරව පොදුජන පෙරමුණේ 'හෘද සාක්ෂියට එකග මන්ත්‍රී කණ්ඩායම'ද ඇතුළත් වනු ඇති බව පැවසේ.

මෙම කණ්ඩායම ඉදිරියේ දී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බව දැනගන්නට ඇත.

පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් සැලකියයුතු පිරිසක් මේවනවිට ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධින කණ්ඩායම් වශයෙන් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරයි.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 


 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්