ලිංගිකත්වය ධනාත්මක බාරගන්නා වඩා නිදහස් සමාජයක් වෙනුවෙන් ශ්‍රී ලංකා සෙක්ස් පක්ෂය

 (Sri Lankan Sex Party) මැතිවරණ කොමසාරිස් කාර්යාලය තුළ ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇත.

රටේ බොහෝ දේශපාලන කාරණා පිටුපස පවතින ලිංගික දේශපාලනය සාකච්ඡාවට ගැනීමත්, ලිංගික නිදහස සහ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමත් මෙහි මූලික කාරණා වනු ඇත.



තවත් කෙනෙකුට හානියක් නොකර මිනි‍සෙක් තමන්ගේ පංචේන්ද්‍රියන් සහ මනස පිනවීමට කරන්නාවූ කවර හෝ ක්‍රියාවකට වුවද නිදහස පැවතිය යුතු යැයි සෙක්ස් පක්ෂය විශ්වාස කරයි. රට පු‍රා උඩුදුවා ඇති තුවාලයක් වන ජාතිවාදය ආගම්වාදය මෙන්ම ප්‍රචන්ඩත්වය පිටුපස පවතින්නේ සංස්කෘතිය විසින් දැඩි පීඩනයකට ලක් කළ ලිංගික ආශාවන් බව සෙක්ස් පක්ෂයේ කියවීමයි.



එම පක්ෂයේ මූලික පෙනී සිටීම් මේවායි.

1- කිසිදු වෙනස්කොට සැලකීමකින් තොරව තමන්ගේ ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගවේෂණයට, තේරුම් ගැනීමට සහ භාරගැනීමට ඇති පූර්ණ අයිතිය.

2- ගැහැණියකට තමන්ගේ ශරීරය පිළිබඳව තීරණ ගැනීමටත් අවශ්‍ය විටෙක ගබ්සාවකට අවශ්‍ය පහසුකම් නීතිමය හෝ සමාජ බාධාවකින් තොරව ලබාගැනීමටත් ඇති අයිතිය.

3- ලිංගික ශ්‍රමිකයෙකු ලෙස රැකියාව කිරීමට සහ අවශ්‍ය සෞඛ්‍යමය මෙන්ම නීතිමය රැකවරණය ලැබීමට ඇති අයිතිය.

4- සියලු ලිංගිකත්වයන්ට අයත් පුද්ගලයන්ට ආබාධිත නිර්බාධිත භේදයකින් තොරව සමාන අවස්ථාවන් ලබාගැනීමට ඇති අයිතිය. (ලිංගික තෘප්තිය ලැබීමේ අයිතියද මීට ඇතුලත්ය)

5- සමලිංගික විවාහවලට සහ බහුවිවාහ වලට ඇති අයිතිය.

6- නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය
 
7- කැමති ආකාරයකින් තමන්ගේ තෘප්තිය සොයා යාමේ අයිතිය.

9- වාරණයකින් හෝ බියකින් තොරව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය.

10- ආගමික මතවාදයන්ගේ බලපෑමකින් තොරව ජීවත් වීමේ අයිතිය.


11- මත්ද්‍රව්‍ය අපරාධහරණය කිරීම සහ පාලනය. තමන් කැමති මත්ද්‍රව්‍යයක් නීතියේ බාධාවකින් තොරව ගුණාත්මක තත්වයකින් යුතුව ලබාගැනීමේ අයිතිය පුද්ගලයෙක් සතුය.

12 - ජීවිතය පිළිබඳ තවදුරටත් තෘප්තිමත් නොවන අවස්ථාවකදී සුවදායක මරණයක් ලබාගැනීමේ අයිතිය. (යුතනේෂියා)

13- සර්ව සම්පූර්ණ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය සේවා ලබාගැනීමේ අයිතිය.

14- ලිංගික ප්‍රචන්ඩත්වයෙන් තොරව ජීවත් වී‍මේ අයිතිය.

15- තමන්ගේ ජීවිතයේ අරමුණු සහ සතුට සොයා යාමේ අයිතිය.

16- ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොරව ජීවත්වීමේ අයිතිය.



මුදල් ඉපැයීම සහ ව්‍යාපාර දිරිගැන්වීම කරන අතර එමගින් සමාජයට ලැබෙන ප්‍රතිලාභ උපරිම කිරීමටද වෑයම් කෙරේ.


මේ කාරණා විශ්වාස කරන, මේ පක්ෂය ගොඩනැගීම සඳහා එක්වීමට කැමති අය ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 


 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්