#wewantelection

වහාම මහ මැතිවරණයක් පැවැත්වීමට බලකෙරෙන සාමකාමී තරුණ අරගලයක් විහාරමහාදේවි උද්‍යානය (වික්ටෝරිය පාක්) කේන්ද්‍රකර ගනිමින් ආරම්භ

කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් මේවනවිට සාකච්ජා පවත්වමින් සිටින බව වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් ජවිපෙට හිතවත් තරුණ ක්‍රියාකාරීන් පිරිසක් මේවනවිට කලාකරුවන්, තරුණ වෘත්තිකයින්, තරුණ සංවිධාන ක්‍රියාකාරීන් හමුවෙමින් සාකච්ජා කරමින් සිටින බව ද පැවසේ.

'ගෝඨා ගෝ ගම', 'මයිනා ගෝ ගම' හෝ 'රනිල් ගෝ ගම' යන පටු දේශපාලන සටන් පාඨවලින් බැහැරව, පොදු ජනමතයට අවකාශ සැලසෙන මහ මැතිවරණයක් ඉලක්කකර ගනිමින් මෙම අලුත් අරගලය සැලසුම් කරමින් සිටින බවත්, විපක්ෂ සියලුම දේශපාලන පක්ෂවල තරුණ ක්‍රියාකාරීන් මෙම යෝජනාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බවත් වාර්තාවේ.


අරගලකරුවන්ට 'වික්ටෝරිය පාක්' දෙන්න ජනපතිත් සුදානම් !


‘ගෝ හෝම් රනිල්’ තේමා කර ගනිමින් ගාලු මුව‍ෙදාර පිටියේ අරගලයේ නියුතු විරෝධතාකරුවන්ට තම අරගලය අඛණ්ඩව පවත්වාගෙන යාමට කොළඹ 7 පිහිටි විහාරමහාදේවි උද්‍යානයේ පැත්තක් වෙන්කර දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයන් හමුවේ පසුගියදා ප්‍රකාශ කර තිබිණ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජූලි 21 පැවති පක්ෂ නායක රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් නිකුත්කර තිබු ට්විටර් පණිවිඩයක සඳහන් විය.

 

WhatsApp Image 2022 07 24 at 2.05.26 PM

#wewantelection - මහා විනාසයක් වළක්වා ගත හැක්කේ මහ මැතිවරණයකින් පමණයි… සුමන්තිරන්


රටේ ජනාධිපතිවරයාගේ පත්වීම සදාචාරාත්මක නොවන බවට ජනතාව තුළින් විශාල විරෝධයක් පැන නැගී ඇති නිසා වහාම මහ මතිවරණයක් පවත්වා නව රජයක් ඉතාම ඉක්මනින් පිහිටුවිය යුතුව ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.

එක් පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් හිමි පුද්ගලයෙකු ජනාධිපතිවරයා වීම කෙරෙහි ජනතාවගේ විශාල අප්‍රසාදයක් පවතින බවද ඔහු කියා සිටියි.

එම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයද ජනතා වරමකින් ලබා ගත් එකක් නොවන නිසා මේ විරෝධය ඉතා විශාල වී රට තුළ යළිත් අරගලකාරී ස්වරූපයක් හට ගෙන ඇති බවද ඔහු  පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත් වීමත් සමගම ගාලු මුවදොර අරගලය පැවති ස්ථානයේ සිදු වූ සෑම ක්‍රියාවක්ම නීතියට පටහැනි මෙන්ම ඉතා ම්ලේච්ඡ ස්වරූපයක් ගත් බවත් පවසන මන්ත්‍රීවරයා, නීතිය තුළ එවැනි සිදුවීම්වලට කෙසේ හෝ ඉඩක් නොමැති බවද සදහන් කළේය.

මේ නිසා ජනතා අරගලයන් තවත් උත්සන්න වීමට පෙර මහ මැතිවරණයකට ගොස් නව රජයක් පිහිටුවා ගැනීම ඉතාම වැදගත් බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්