ඉදිරි සති දෙක තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කෙරෙන බවට මාධ්‍ය ඔස්සේ පුවත් පැතිර ගියත් එවන් ආණ්ඩුවකට සම්බන්ධ වීමට සමගි ජන බලවේගයට කිසිදු අදහසක් නොමැති බව විපක්ෂ නායක සජිත්
ප්‍රේමදාස පවසයි.
එම පුවත්වල සඳහන් ආකාරයෙන් ඇමති තනතුරු හා වරප්‍රසාද ලබාගනිමින් ජනතාව ඇන්දවීමේ රඟපෑමක් කිසිසේත්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවන අතර එයින් රට ගොඩනැගීමට කිසිදු දායකත්වයක් නොලැබෙන බව විපක්ෂ නායකවරයා කියා සිටියි.
ඒ අනුව එවැනි බොරුවකට කිසිසේත්ම එකතු නොවන බව පැවසූ ඔහු, විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන අතරතුර රජයේ සාධනීය කටයුතුවලට පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය හරහා සහයෝගය ලබා දෙන බවත් සර්වපාක්ෂිකව රට ගොඩනැගීමේ ප්‍රයත්නය එය බවත් සඳහන් කළේය.
පුළුල් විපක්ෂ සන්ධානයක් !
මේ අතර වත්මන් ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුව තුළ ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීමට විපක්ෂනයකවරයා මේවනවිට කටයුතු කරමින් සිටියි.
මෙතෙක් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කළ ඩලස් අලහප්පෙරුම සමග සිටින මන්ත්‍රීවරුන් 15 දෙනකුගේ කණ්ඩායම කෙළින්ම විපක්ෂයත් සමග එක්වී පාර්ලිමේන්තුව තුළ දේශපාලනය කිරීමට තීන්දු කර තිබේ.
එම කණ්ඩායමට ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු ප්‍රබලයන් කිහිප දෙනකුම ඇතුළත්ව සිටිති.
මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඍජුවම විපක්ෂය සමග එක්ව දේශපාලනය කිරීමට මේ වන විට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය, ඩලස් අලහප්පෙරුමගේ කණ්ඩායම, ශ්‍රීලනිපය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය මෙන්ම අනුර ප්‍රියදර්ශන යාපා සමග සිටින පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමද විපක්ෂයට එක්වීමට නියමිතය.
ඒ අනුව මෙම ප්‍රමාණය 85ද ඉක්මවා යන මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකින් සමන්විත බව වාර්තා වේ.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.