ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලලෝභීන්ගෙන් හා අවස්ථාවාදීන්ගෙන් බේරා ගත යුතු කාලය පැමිණ ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසන්නේ පක්‍ෂය නිසි මගට ගෙන ඒම සදහා වූ සටන ආරම්භ කරන බවයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඊයේ (21) ප්‍රසිද්ධියට පත් කර ඇති ඇයගේ නිවේදනය පහත පළවේ.

72725932 742082246265065 3583393972145356800 n

ශ්‍රීලනිප පොඩ්ඩෝ හංසයාට !

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් හා ප්‍රාදේශීය දේශපාලඥයන් විශාල පිරිසක් ඉදිරි සති කිහිපයේදී මාධ්‍ය සාකච්ජා පවත්වමින් සජිත් ප්‍රේමදාසට සහාය දක්වන බව ප්‍රකාශ කිරීමට නියමිතය.

ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මෙරටට පැමිණි වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් වරින් වර අඛණ්ඩව මාධ්‍ය සාකච්ජා පැවැත්වීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.

විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් දිනපතා එම මාධ්‍ය සාකච්ජා පැවැත්වීමට බලාපොරොත්තු වන බවත්, මේ වනවිට ප්‍රාදේශීය දේශපාලඥයන් 300කට ආසන්න පිරිසක් එලෙස මාධ්‍ය සාකච්ජා වලට වරින් වර සහභාගී වන බවට එකඟ වී සිටින බවත් ශ්‍රීලනියේ ජ්‍යෙෂ්ඨයකු වන ආසන සංවිධායකවරයකු පැවසිය.

ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් කිසිවෙකු මෙතෙක් සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට එකඟ වී නැති නමුත් ඉදිරියේදී එම මන්ත්‍රීවරුන් අතරින් කිහිපදෙනෙකු ද එකතු කරගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම සංවිධායකවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රීලනිප සාමාජිකයින්ට සජින් වාස් ගෙන් ඔවදනක් !

Sajin Vass Gunewardenaමේ අතර රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතකුව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පවසන්නේ, 

ගෝඨාබය රාජපක්ෂයේ සහ රාපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ තරම පිළිබඳව තමන් තරම් දන්නා වෙනත් කිසිදු පුද්ගලයෙක් නොමැති බවත්, ගෝඨාබයරාජපක්ෂ වැනි නිර්දය පුද්ගලයෙකු කිසිසේත් රටේ නායකත්වයට පත් නොවිය යුතු බවත්ය.

 ඔහු මේ බව පවසා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ, බලපිටිය, කරන්දෙනිය, රත්ගම යන ආසනවල ශ්‍රීලනිප පාක්ෂිකයන් පිරිසක් අමතමිනි. මෙම හමුවෙ අම්බලන්ගොඩ සී-බ්‍රීස් හෝටලයේදී පැවැත්විණි.

බලපිටිය හිටපු ශ්‍රීලනිප ආසන සංවිධායකවරයා ද වන සජින් වාස් ගුණවර්ධන එහිදී තවදුරටත් පවසා සිටියේ, ඉතිහාසය පුරා මෙරට ප්‍රගතිශීලී බලවේගය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෝරාගත යුත්තේ ගෝඨාබය රාජපක්ෂ නොව සජිත් ප්‍රේමදාස බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්