ලංකාවේ ශිෂ්ට මධ්‍යම පංතියක්වත් මධ්‍යම පංතික වටිනාකම්වත් නැහැ.



කොළඹ හතේ මල් පාරේ ඉපදුනත්, පස්වැනි පටුමගේ හැඳී වැදුනත්, රෝයල් ගියත්, නීති උපාධි ගත්තත්, ආලින්දයේ පොත් ගොඩවල් තිබ්බත්, ඇත්තටම බිහිවෙන්නේ අමු අත්තනෝමතික අශිෂ්ට මිනිසුන්. ආසියාතික අත්තනෝමතිකයින් (Asiatic despots).

සමාජයක් ප්‍රගතිශීලී වෙනස්කම් සමුදායක් වෙත ගමන් කිරීම වෙනුවෙන් විළි රුදාවෙන් පෙලෙන විට ඒ දෙස වෛරී සහ මර්ධනයේ ඇසින් බලන්නේ නම් එවන් මිනිසුන් ශිෂ්ට වන්නේ කොහොමද?  

එවන් මිනිසුන්ගේ ආලින්දයේ තබා ඇති පොත් යනු ආත්මය හා බැඳුනු දෙයක් නොව ප්‍රදර්ශන අර්චන වස්තුය. එවන් මිනිසුන්ගේ පුස්තකාලයේ කාන්ට්ගේ පොත් කොතරම් තිබුණත් ඇති වැඩේ මොකක්ද?

 

තමන් පවා අගය කරන (හෝ අගය කරනවා යැයි කියන) ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් ලෝකයක් වෙනුවෙන් නූතන අරගලයක් දිග හැරෙන විට ඒ වෙනුවෙන් ආශීර්වාද කරනවා විනා එය මර්ධනය කරන්නේ වෙනත් කුමන වර්ගයේ සමාජයක් සිතේ ඇතිවද?

 

මට හිතෙන හැටියට මල් පාරේ මාධ්‍යම පන්තියට ඇත්ත වශයෙන් අවශ්‍ය ලාංකික වහලුන් පිරිසක්. තමන්ව වන්දනා කරන, පීත්ත පටි කපන කොට අත්පුඩි ගහන, සර් කියන, පස්සෙන් යන වහලුන් පිරිසක්. ප්‍රවේණි දාසයන් පිරිසක්.

ඔවුන් කුඩා කාලයේ සිට හුරු පුරුදු 'දාසභාවයේ ලාංකික බව' (Feudal Sri Lankan-ness) පවත්වා ගැනීම වෙනුවෙන් ඔවුන් සටන්වැද තිබෙනවා. මේ මාරාන්තික සටන් වැදීම ඇත්තේ ඒ වහල්භාවය/දාසභාවය දිගටම පවත්වා ගැනීම වෙනුවෙන්. නිදහස නොදීම වෙනුවෙන්. ඒ වෙනුවෙන් ඔවුන් නොකරන දෙයක් නැහැ.

ඒ වෙනුවෙන් ඔවුන් ඕනෑම කෙනෙක් සමඟ ගිවිසුම්ගත වෙනවා. ඕනෑම පාවා දීමක් කරනවා. ඕනෑම ලැජ්ජා නැති වැඩකට අත දමනවා. මර්ධනය වෙනුවෙන් පසුබට වෙන්නේ නැහැ. පැරණි වැඩවසම් ජීවන ලෝකයේ චිරස්තිථිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා.  මන්ද වෙනත් රැක ගැනීමට දෙයක් ඔවුන්ට ඇතැයි මම පෙනෙන්නේ නැති නිසා.

ස්පීල්බර්ග්ගේ Amistad (1997) චිත්‍රපටයේ ඇමෙරිකානු ජනපතිවරයෙක් වූ ජෝන් ක්වින්සි ඇඩම්ස් ආමිස්ටඩ් නැවේ අප්‍රිකානු වහලුන් වෙනුවෙන් පෙනී සිටිමින් මෙහෙම කියනවා.

 

'අපේම අගතීන් වෙනුවෙන් සටන් කිරීමට අප බිය වන්නේ නම් ඒ බිය අප පලවා හරින්න ඕනි. ඒකට අපිට ධෛර්යය ඕනි. හරි දේ මොකක්ද කියල තීරණය කරලා ඒ දේ කරන්න අපිට ශක්තිය ඕනි. ඒ අගති විරහිත සමාජය හදන්න ඕනි මිළ සිවිල් යුද්ධයක් නම් එහෙනම් ඒ සිවිල් යුද්ධය ආවාවේ. සමහර විට ඒ ඇමෙරිකානු නිදහසේ අවසන් යුද්ධය විය හැකියි...."

 

We desperately need your strength and wisdom to triumph over our fears, our prejudices, ourselves. Give us the courage to do what is right. And if it means civil war? Then let it come. And when it does, may it be, finally, the last battle of the American Revolution...


වැඩවසම් වටිනාකම් ඉස්සරහට අරන් යන මේ ප්‍රභූ අධිකාරයට එරෙහිව ලාංකික සටන් ගණනක් ඇවිලුනා. ඒ ඔක්කොම තරුණ අරගල. උතුරේ උනෙත් එහෙම අරගලයක් තමයි.

එහෙ මධ්‍යම පංතිය සමාජ අගතීන්ට එරෙහි වෙන එකට පක්ෂ වෙනවා. මෙහෙ 'මධ්‍යම පංතිය' සමාජයේ දුෂ්ට, අතාර්කික, සමස්තතා ලක්ෂණ පවත්වා ගැනීම වෙනුවෙන් සටන් කරනවා. ඒ දුෂ්ට ලක්ෂණ වලට එරෙහි වෙන අයට 'ෆැසිස්ට්' කියල කියනවා.

71 සිට 88-89 දක්වාත් ඉන් පසුවත් මේ ප්‍රභූ කියල හිතාන ඉන්න අත්තනෝමතික නූතන විරෝධී අධිකාරික බවට එරෙහි අරගලය අතනින් මෙතෙන්ටත් මෙතැනින් අතෙන්ටත් විසි කරමින් ඔවුන් මේ සත්‍යය මඟහැරිය. තරුණ අසහනය පිළිබද කමිටු පත්කරා.

නමුත් මේ මහල්ලන් තේරුම් නොගන්නා දෙය නම් ලාංකික තරුණ අනන්‍යතාවක් පිළිබද ගැටළුවක් දිගින් දිගටම නිදහසෙන් පසුව නොවිසඳී දශක ගණනක් ගමන් කරමින් තියනවා කියන එක.  

ලාංකික නිදහසේ අවසන් සම්මුඛවීම වෙනුවෙන් මේ පොළොව බලාන ඉන්නවා කියල මට හිතෙනවා.


The final battle of the Sri Lankan revolution!


ජෝන් ක්වින්සි ඇඩම්ස් ගේ කතාව

Amistad (8/8) Movie CLIP - The Last Battle of the American Revolution (1997) HD





මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්