වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් වසංගතයේ පැතිරීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වශයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත.



මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කළ හැකි ඉහළම අනතුරු ඇඟවීම වන අතර එය ලෝකය පුරා ව්‍යාප්ත විය හැකි බව පෙන්වා දෙයි.

මෙම තීරණය ගෙන තිබෙන්නේ එම වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුවේ දෙවන රැස්වීම අවසානයේ දී ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ රටවල් 75 කින් මේ වන විට රෝගීන් 16,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

වෛරසය පැතිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට මරණ පහක් සිදුව ඇති බව ඔහු පැවසීය.

 103585163 monkeypox getty

මීට අමතරව දැනට එවැනි හදිසි අවස්ථා දෙකක් ප්‍රකාශයට පත් කර ති‍බේ. ඒ, කොරෝනා වයිරස් වසංගතය සහ පෝලියෝ තුරන් කිරීම සඳහා වූ අඛණ්ඩ මෙහෙයුම යි.

ආචාර්ය ටෙඩ්‍රොස් පැවසුවේ වඳුරු උණ ගෝලීය හදිසි අවස්ථාවක් යැයි තීරණය කළ යුතුද යන්න පිළිබඳ සම්මුතියකට පැමිණීමට හදිසි කමිටුවට අපහසු වූ බවයි.

කෙසේ වෙතත්, ලොව පුරා වෛරසයේ පැතිර යාම වේගයෙන් සිදුවෙමින් පවතින බැවින් අවසානයේ එය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුත්තක් යැයි තීරණය කළ බව ඔහු පැවසීය.

ආචාර්ය ටෙඩ්‍රොස් පැවසුවේ එය පැතිරීමට බලපාන නව සම්ප්‍රේෂණ ක්‍රම පිළිබඳව තවමත් සොයා ගෙන ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව යි.

"ලෝක සෞඛ්‍ය සංවිධානයේ තක්සේරුව අනුව ගෝලීය වශයෙන් වඳුරු උණ අවදානම තියෙන්නේ මධ්‍යස්ථ මට්ටමක. ඒත්, යුරෝපීය කලාපය හැර අනෙකුත් සියලුම කලාපවල අවදානම ඉහළ මට්ටමක පවතිනවා"

ජාත්‍යන්තර ගමනාගමනයට බාධා කිරීමේ අවදානම මේ මොහොතේ අඩු මට්ටමක පැවතියද, තවදුරටත් ජාත්‍යන්තරව පැතිරීමේ පැහැදිලි අවදානමක් ද පැවති බව ඔහු පැවසීය.

ආචාර්ය ටෙඩ්‍රොස් පැවසුවේ මෙම ප්‍රකාශය එන්නත් නිපදවීම වේගවත් කිරීමට සහ වෛරසය පැතිරීම සීමා කිරීමට කටයුතු කිරීම සඳහා උපකාරී වනු ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිර්දේශ නිකුත් කරමින් සිටින අතර එමඟින් වෛරසය සම්ප්‍රේෂණය කිරීම නැවැත්වීමට සහ වඩාත් අවදානමට ලක්ව සිටින අය ආරක්ෂා කිරීමට පියවර ගැනීමට රටවල් පෙළඹෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

"මෙය වසංගතයක්. නිවැරදි උපාය මාර්ග වලින් ඒක නවත්වන්න පුළුවන්," ආචාර්ය ටෙඩ්‍රොස් පැවසීය.

 126035247 moneykeypox

වඳුරු උණ (Monkeypox) රෝග ලක්ෂණ ගැන ඔබ දන්නවාද?

 

වඳුරු උණ මුලින්ම සොයාගනු ලැබුවේ 1950 ගණන්වල මධ්‍යම අප්‍රිකාවේ ය.

එක්සත් රාජධානියේ, මේ වන විට තහවුරු වූ රෝගීන් 2,000 කට වඩා වැඩිය.

දැනටමත් වඳුරු උණට නිරාවරණය වීමේ වැඩි අවදානමක් ඇති සමලිංගික සහ ද්විලිංගික පිරිමින් මෙන්ම සමහර සෞඛ්‍ය සේවකයින් ඇතුළු පුද්ගලයින්ට එන්නතක් ලබා දිය යුතු බවට සෞඛ්‍ය නිලධාරීන් නිර්දේශ කරයි.

ආරම්භක රෝග ලක්ෂණ ලෙස සාමාන්‍යයෙන් අධික උණ, ඉදිමුණු වසා ගැටිති සහ බිබිලි, බොහෝ විට මුඛයේ හෝ ලිංගික අවයවවල පැපොල වැනි කුෂ්ඨ හෝ තුවාල ඇති විය හැක.

පවතින තත්ත්වය අනුව ගෝලීය හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීම වැදගත් ක්‍රියාවකි.

එය රටවල් වෛරසය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීමට හේතුවක් වනු ඇති අතර, ලොව පුරා දැනුවත් කිරීම් වලට සහ දුප්පත් රටවලට වඳුරු උණ පාලනය කිරීමට අවශ්‍ය මෙවලම් ලබා ගැනීමට උපකාරී වනු ඇත.

වෛරසය නැවැත්වීමට ලොවට ප්‍රතිපත්තිමය මෙවලම් තිබේ. වඳුරු උණ කොවිඩ් තරම් පහසුවෙන් පැතිරෙන්නේ නැති අතර හොඳ ආරක්ෂාවක් සපයන එන්නතක් (වසූරිය එන්නත) දැනටමත් පවතී.

තවද ඕනෑම කෙනෙකුට වඳුරු උණ වැළඳිය හැකි වුවද, සමලිංගික සහ ද්වීලිංගික පිරිමින් මෙන්ම පිරිමින් සමඟ ලිංගිකව එක්වන අනෙකුත් පිරිමින් අතර විශාල වශයෙන් දැනට මෙය දක්නට ලැබේ.

එන්නත් සහ මහජන සෞඛ්‍ය තොරතුරු ඇතුළු ප්‍රයත්නයන් වඩාත් අවදානමට ලක් වූවන් ඉලක්ක කළ විට පැතිරීම පහසුවෙන් පාලනය කළ හැක.

නමුත් ගැටළුව නම්, සමලිංගික සබඳතා නීති විරෝධී වන රටවල් තවමත් තිබීම සහ මෙවන් සිද්ධි නිසා එම ප්‍රජාවට එල්ල වන අපකීර්තිය සහ පීඩාවන් තවත් වැඩි විය හැකි වීමයි.

වඳුරු උණ නැවැත්විය හැකි ද යන්න සමාජීය හා සංස්කෘතික වශයෙන් ද අභියෝගයකි.


(BBC සිංහල සේවය)


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්