1200 x 80 DMirror

හිටපු අමාත්‍ය සාගල රත්නායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කරනු ලැබ තිබේ.

ඊට අමතරව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට ද සාගල රත්නායක පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉහත පත්කිරීම් සිදුකරනු ලැබ තිබේ.

සාගල රත්නායක යහපාලන රජයේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

මේ අතර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ධනුෂ්ක රාමනායක පත්කර ඇතැයි වාර්තාවේ.

පාඨලි චම්පික රණවක අමාත්‍ය ධුරයේ සිටිය දී ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක, යහපාලන ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හා ස්වාධින රුපවාහිනියේ අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කළේය.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය