ගෝල්ෆේස් අරගල භූමියේ බණ්ඩාරනායක පිළිරුව අසල අට්ටාලයක සිටි සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


එම පිළිරුව අසළට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති අතර ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ඔවුන් මේ වනවිට කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබේ.

ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

අරගලයේ නිරත භික්ෂූන් වහන්සේලා වස්වාසය කරන අට්ටාලය එහි පිහිටුවා තිබී ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි සිටි පුද්ගලයින් සිව්දෙනෙකු බව වාර්තාවේ.

ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයකට කිසිදු පාර්ශවයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ පසුගිය 20 වනදා තහනම් නියෝගයක් නිකුත් කර ඇත. ඒ එම පිළිරුවට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් කරමින් කොටුව පොලිස් ස්ථානය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.


WhatsApp Image 2022 07 26 at 8.27.27 AM

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්