theleaderlk 01

දෙමළ ජනතාවට යුද්ධයේදී සිදු වූ හානිය ඇතුළු දේශපාලන විසදුම් ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ජා කිරීමට සුදානම් බවට

ඩලස් දහම් අලහප්පෙරුම ජනාධිපති කිරීමට ඡන්දය පාවිච්චි කළ දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කොට තිබේ.

ඒ සමගම පාර්ලිමේන්තුව ජනතා මතය නියෝජනය නොකරන හෙයින් විසුරුවා හරිය යුතු බවද දෙමළ ජාතික සන්ධානයේ (TNA) මතයයි.

''දෙමළ ජනතාවගේ සමාජ ආර්ථික හා දේශපාලනික අභිලාෂයන් දිනා ගැනීමට ජන බලය ලබා ගත් පක්‍ෂය හැටියට දෙමළ ජාතික සන්ධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ කතා බහ කරන්න අපි ලැහැස්තියි. ඒත් අපි අපේ ප්‍රතිපත්ති අත් හරින්නේ නැහැ,''`යැයි TNA නායක ආර්.සම්බන්ධන් පවසයි.



සති අන්ත `වීරකේසරී` පුවත් පතට ප්‍රකාශයක් ලබා දෙමින් ටී.එන්.ඒ. නායකයා පවසන්නේ ජනතාව විසින් පළවා හරිනු ලැබූ රාජපක්ෂලාගේ නියෝජිතයා ලෙස රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට තරඟ කළ බැවින් තම සන්ධානය ඔහුට සහාය නොදුන් බවයි.




TNA 2022.07.20විධායක ජනාධිපති වීම සඳහා ඩලස් අලහප්පෙරුමට සහාය දීමට දෙමල සන්ධානය තීරණය කළේය.


හැම අවස්ථාවක්ම යොදා ගැනීම

''උතුරු නැගෙනහිර ජනතාව අපිට බලය ලබා දුන්නේ දිගු කලක සිට දිනා ගන්නට සටන් කරන අපේ ජනතාවගේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගන්න. අපේ උත්සාහය ද දෙමළ ජනතාවගේ ජාතික අභිලාෂයන් දිනා ගැනීමයි. ඒ සඳහා අපි හැකි සෑම අවස්ථාවක්ම යොදා ගන්නවා.''

දෙමළ ජනතාව ගේ ප්‍රශ්නයට දේශපාලන විසදුමක් සහ යුද්ධයේදී එම ජනතාවට සිදුවූ හානියට ආණ්ඩුවේ වගවීම ඇතුළු වැදගත් විෂයන් ගැන ජනාධිපති වික්‍රමසිංහ සමඟ සාකච්ජා කරනුයේ දෙමළ ජනයාගේ අභිලාෂයන්ට හා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති අත් හැරීමකින් තොරව බවට සම්බන්ධන් මෙහිදී සහතික වී තිබේ.

''රටේ ජනතාව එකතුවෙලා රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව අරගල කිරීම තුලින් මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ අවසානයේ ගෝඨාභය රාජපක්‍ෂ ඔවුන්ගේ ධූරවලින් පළවා හැරියා. මේ නිසා ඇතිවූ පුරප්පාඩුවට රාජපක්ෂලාගේ සහයෙන් පළමුව අගමැතිකමත් පසුව ජනාධිපතිධුරයත් ලබා ගත්තා. මේක ව්‍යවස්ථාවට අනුකුල වෙන්න පුළුවන් එහෙත් සදාචාරාත්මක නැහැ. ඒ හින්දා අනුප්‍රාප්තික ජනාධිපති තෝරා ගැනීමේදී අපි වික්‍රමසිංහට සහාය දුන්නේ නැහැ. ජනතා කැමැත්තට එරෙහිව අපිට වැඩ කරන්න බැහැ.''


පාර්ලිමේන්තුව විසුරුවන්න : #wewantelection

මේ අතර කොළඹ දී මාධ්‍යවේදීන් හමුවූ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී  එම්.ඒ  සුමන්තිරන් කියා සිටියේ ජනතා කැමැත්ත අහිමිවී ඇති පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීය යුතු බවයි.

''දැන් තියෙන්නේ ජනතාවගේ කැමැත්ත ලැබුණු පාර්ලිමේන්තුවක් නොවේ. ශ්‍රීලංකා පොදුජන පෙරමුණට තිබුණු ජන ප්‍රසාදය අහිමි වෙලා. ඒ නිසා එය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ ඉන්න සුදුසු කමක් නැහැ.``

'මෙසේ ජනවරම අහිමි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෙන් ජනපති පුටුවට පත්වුණු රනිල් වික්‍රමසිංහට එහි රැඳී සිටීමට කිසිදු සුදුසුකමක් නැහැ''



සෑම කෙනෙක්ම තම තමන්ගේ තනතුරු අත්හැර දමා, පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යාම මගින් ජනතාවගේ කැමැත්තට අනුව අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ අවස්ථාව ලැබෙන බව ද සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.



''මැයි 9 වැනිදා එල්ලවූ ප්‍රහාරය ක්ෂණිකයෙන් හෙළා දුටු රනිල් වික්‍රමසිංහ ජුලි 13 වැනිදා රජයේ හමුදා යොදවා අරගලකරුවන්ට පහර දීමට තරම් ඔහු වෙනස් කරනු ලැබුවේ විධායක ජනාධිපති බලය,'' යැයි සුමන්තිරන් යාපනයේ මාධ්‍යවේදීන් අමතා ජුලි 23 වැනිදා ප්‍රකශ කර තිබිණි.

''ගෝල්ෆේස් එකේ බන්ඩාරනායක පිළිරුවට මීටර් 50 ක වටපිටාවට ඇතුල්වීම තහනම් කරමින් ලබා දී තිබුණු උසාවි නියෝගය හා හමුදාව යොදවා අරගලකරුවන්ට පහර දීම අතර කිසිම සම්බන්ධයක් නැහැ.''

''83 කළු ජූලියට අවුරුදු 39 ක් ගතවෙන කොට ඒක ඇති කරාපු ජේ.ආර් ගේ බෑණා වන රනිල් ට විධායක බලතල ලැබිලා තියෙනවා.''

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM