පාර්ලිමේන්තුව ( නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය) අද (27) රාත්‍රියේ වාර අවසාන කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් වාර්තාවේ.



හදිසි නීතිය නිවේදනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුව අද (27) පෙරවරුවේ රැස්වීමට නියමිත අතර ඒ පිළිබඳ විවාදය අද දවස පුරා පැවැත්වේ. එම විවාදයෙන් අනතුරුව පාර්ලිමේන්තුව වාර අවසාන කෙරෙනු ඇති බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

පාර්ලිමේන්තුව වාර අවසාන කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ට පසුගියදා දැනුම් දුන්නේය.

වාර අවසාන කළ පසු පාර්ලිමේන්තුව බොහෝ දුරට ඊළඟ සතියේ සදුදා හෝ අඟහරුවාදා ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරෙනු ඇත.

වාර අවසාන කෙරෙන පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මැතිසබය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.

රනිල්ගේ තැනට වජිර එයි


 
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබිය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයේ දිවුරුම්දීම හේතුවෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ඔහු එලෙස දිවුරුම් දුන්නේය.

මේ අතර පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පත්කර තිබේ.

මීට පෙර සභානායක ධුරයේ කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මේ වනවිට අග්‍රාමාත්‍ය තනතුරට පත්ව සිටින බැවින් පුරප්පාඩු සභානායක ධුරයට ප්‍රේම්ජයන්ත පත්කර ඇත.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග යළි පත්කර තිබෙන තිබේ.



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්