හදිසි නීතිය සම්මත කිරීම සඳහා තමා අද (27) දිනයේ සහාය ලබාදෙන බව නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මන්ත්‍රීවරයා පවසයි.



ඔහු පවසන්නේ, රටේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත අවශ්‍ය බලය ලබාදිය යුතු බැවින් තමා ඊට සහාය ලබා දෙන බවය.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10  සාමාජිකයින් අතර ඊයේ (26) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රේමනාත් සී දොලවත්ත මේ බව කියා සිටියේය.

''මේ රටේ බෙදුම්වාදය නැවත හිස ඔසවන තත්ත්වයක් අපට පේන්න තියෙනවා. ඒ එක්කම ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වෙන තත්ත්වයක් අපිට පේන්න තියෙනවා ඊනියා අරගලය හා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස එක්ක යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේ වේලාවේ සාමකාමී අරගලවලට නෙමෙයි ඊනියා අරගලකාරීත්වය සම්බන්ධයෙන් ආරාජිකත්වයට යන තත්ත්වය තුළ මම තීරණය කරනවා පැහැදිලිවම හදිසි නීතියට පක්ෂව ඡන්දය දෙන්න.

 විශේෂයෙන්ම මේ රටේ ආරක්ෂක හමුදාවන් ට නිවට මහා වාග් ප්‍රහාර දෙන අද සමහර ආරක්ෂක නිලධාරීන්ගේ දරුවන්ට උගන්වන්නේ නෑ කියන, ආරක්ෂක නිලධාරින්ගේ දරුවන්ට බෙහෙත් දෙන්නේ නෑ කියන මෙවැනි තත්ත්වයන් අපි පාලනය කළ යුතුයි. මේ සම්බන්ධයෙන් අපි නොබියව කියන්න ඕනේ අපිට කරන පීඩනයන්ට බලපෑම්වලට අපි යටවෙන්නේ නෑ."


විදේශ මැදිහත්වීමක් ගැන විමල් කියයි


එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ, ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ විදේශීය බලවේගයන්ට අවශ්‍ය පරිදි දැනුවත්වම මෙහෙයවීමේ ක්‍රියාවලියක් පවතින බවය.

"ඇති වෙමින් යන සමහර ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ අනුගමනය කරන පිළිවෙත, මේ ප්‍රචණ්ඩකාරී ප්‍රවණතාවය තවදුරටත් වර්ධනය වුවහොත් රටේ ඇති විය හැකි අවධානම් සහගත තත්ත්වය විශේෂයෙන්ම රට සාමාන්‍ය අතට පත්වෙන්න ඕනේ. ඒ සාමාන්‍ය අතට පත්වෙන්න නොදී මේ ආර්ථික අර්බුදයෙන් වෙනත් අයුතු විදේශීය බලවේගයන්ට ඕන කරන විදියේ අරමුණකට දැනුවත්ව යොදාගැනීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මකයි. ඒක ගැන අපි දිගින් දිගටම කරුණු අනාවරණය කළා. සිදුවෙමින් යන මේ අපරාධකාරී මෙහෙයුම වළක්වන්න මැදිහත් විය යුතුයි කියලා තීරණය කළා."


හදිසි නීති විවාදය අද පාර්ලිමේන්තුවේදී


හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ විවාදය අද (27) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

පෙරවරු 10.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

පස්වරු 04.30 දක්වා හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිත අතර ඉන් පසුව එය සම්මත කර ගැනීමට අදාළ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා ලෙස සිටියදී මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීමට පියවර ගත්තේය.

ඒ අනුව මෙම ප්‍රකාශනය සිදුකොට දින 14ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර එසේ නොකළහොත් එය අවලංගු වේ.


සජබයෙන් ඒකමතික තීරණයක්


හදිසි නීතියට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත.

ඒ කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊයේ (26) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේදීය.

එමෙන්ම ජනතාවගේ දැවෙන ගැටලු සඳහා විසඳුම් ලබාදීමට පාර්ලිමේන්තුවේ කමිටු පත් කරන්නේ නම් ඒ සඳහා සහයෝගය ලබාදීමටද එහිදී තීරණය කර තිබේ.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්