මුස්ලිම් විරෝධී රැල්ලක් මතුකළ කල්ලි කණ්ඩායම් වල නායකයා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමත් සමග

ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනයාට එරෙහිව කලක පටන් ක්‍රියාත්මක වූ වෛරී ප්‍රකාශන හා තර්ජන ගර්ජන වහාම අතුරුදන් වූ බව 'ජාතික ජනතා ව්‍යාපාරයේ' ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

තවදුරටත් ඒ ගැන කරුණු පැහැදිලි කළ හිටපු හමුදාපතිවරයා මෙසේ පැවසිය.

''පාස්කු ඉරිදා සිද්ධියෙන් පස්සේ අගෝස්තු මාසේ වෙනකන්ම සමාජ මාධ්‍ය බැලුවොත් දිනපතා පැයෙන් පැයට විනාඩි පහළොවෙන් පහළොවට මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරය ඇති කරන පෝස්ට් තමයි තිබුනේ. තම්බියාද හලාල්ද කියන හැම වචනයක්ම පාවිච්චි කරමින් වෛරය ඇති කරනවා. එකපාරටම ඒක අගෝස්තු මාසේ නැති වෙනවා.

දැන් ඔබතුමා කියන්න අද ඔබට මුස්ලිම් විරෝධී පෝස්ට් ආවද නැද්ද කියලා. දැන් එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ. ඒක කරපු පුද්ගලයා ඡන්දය ඉල්ලන නිසා මේ පාර. මම නැවත වතාවක් කියනවා ඒක කරන පුද්ගලයෝ අගෝස්තු මාසයේ නාමයෝජනා ඉදිරිපත් කරලා මම තමයි ඡන්දය ඉල්ලන්නේ කියලා. ඔවුන් ඒක නැවැත්තුවේ මේ නොවැම්බර් 16 වෙනිදා ඉඳලා.

අද මම ඒක ප්‍රකාශ කරනවා ඒ මහත්මයා සහ එයාගේ වටපිටාවේ ඉන්න පිරිස තමයි මේක ඇති කරේ නැත්නම් අගොස්තු මාසේ ඕක නවතින්න බැහැ, තවමත් තියෙන්නට ඕනේ. ඒක තමයි මේ දේශපාලනයේ මඩ ජරාජීර්ණ වූ පවුල් කණ්ඩායම් සොරුන් එකතු වූ දේශපාලනය.''

එක රටක් එක නීතියක් යට‌තේ වහාම ස්ථාපිත කලයුතු බවත්, මේ සඳහා අලුතින් නීති රීති ගෙන ආ යුතු බවත් මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා  අවධාරණය කර සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්